ඊයේ රාත්‍රියේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් කළ රාත්‍රී තැපැල් දුම්රියට වන අලි රංචුවක් වැදීමෙන් අලි හතර දෙනෙක් මිය ගොස් තිබේ.
අඹන්පොළ ගල්ගමුව දුම්රිය ස්ථානය අතර තුර අලුත් හේරත්ගම ප්‍රදේශයේ දී රාත්‍රී 12.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත. මෙම ප්‍රදේශය නිතර වන් අලි අනතුරට ලක් වන ස්ථානයක් බව ප්‍රදේශවාසීහු පවසති. අලි රංචුව දුරදිම දුටු නමුත් දුම්රිය වේගය අඩු නොවූ බවට වූ වෝදනාවක් ද ප්‍රකාශ වෙමින් තිබේ. .
දුම්රියේ ගැටුන වන අලි රංචුවෙන් අලි තිදෙනෙක් එම ස්ථානයේ ඒ මොහොතේම මියගිය අතර එක් අලියෙක් අද අළුයම මියගොස් තිබේ.
දුම්රියේ ගැටුන වන අලි දුම්රිය මාර්ගයේ සහ අවට වැටී මිය ගොස් සිටියේ හද කම්පා කරවන ආකාරයෙනි.
