බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම ඇසළ මහා පෙරහර පිළිවෙත්  අතරේ පඬුරු බෙදා ගන්න බැරිව මහ කපුවෝ මරා ගනිති…

by editor
ජූලි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • එක් කපුවෙක් කතරගම  රෝහලේ… අනෙක් කපුවා අත් අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස්….

කතරගම දෙවි හාමුදුරුවන් පුදනු රිසිව ජූජා වට්ටි මත තබා බැතිමතුන් පූජා කරන පඬුරු මුදල් බෙදා ගත නොහැකිව කපු පරපුරු දෙකක කපුවන් ගුටි බැට හුවමාරු කරගැනීම නිසා එක් කපු පරපුරක කපුවෙක් රෝහල්ගත කර ඇති අතර අනෙක් කපු පරපුරේ  කපුවා පොලිස් අත් අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කතරගම මහ දේවාලයේ තේවාව භාර කපු පරපුරු 03කි. ඒ  පරාජපක්ෂ, රත්නායක, සහ මුණසිංහ කපු පරපුරුවලය. සම්ප්‍රදාය හා නිතිය අනුව කතරගම මහා දේවාලයට ලැබෙන  පඬුරු මුදල් කපු පරපුරු අතරේ බෙදා දෙන්නේ බස්නායක නිලමේවරයාගේ මැදිහත් වීමෙනි. එහෙත් එම සම්ප්‍රදාය  උල්ලංඝණය කරමින් බස්නායක නිලමේවරයාගේ බලය කපුවන් විසින් අත් පත් කරගත්තේ මීට ටික කලකට පෙරය.

කතරගම මහ පෙරහර වකවානුවේ දී කතරගම දේවාලයට ලැබෙන පඬුරු මුදල් වැඩිවීම සාමාන්‍ය රටාවය. මො කාලයේ දී  මහා දේවාලයට ලැබෙන   විශාල ආදායම බෙදා ගත නොහැකිව කපුවන් අතර ගැටුම් ඇති වීම  මෑත ඉතිහාසයේ සිට දක්නට තිබිණි.

ඒ පිළිකුල් සහගත ඉතිහාසය යළිත් පෙන්වමින් රත්නායක කපු පරපුර සහ පරාපක්ෂ කපු පරපුර අතර පසුවන 30වැනිදා ගැටුමක් ඇති වී තිබිණි. සිදුවුන බැනවැදීම්, තර්ජනය කිරීම්, බියවැද්දීම් මාලාවකින් අනතුරුව මේ ගැටුම පුපුරා ගිය බව කතරගම මහා දේවාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තේවාව භාර අරාපක්ෂ කපු පරපුරේ ගයාන් අරාපක්ෂ විසින් තමන්ට පහර දුන බව කියමින් රත්නායක කපු පරපුරේ  උපුල් රත්නායක කතරගම රෝහලට ඇතුළත් වී තිබිණි. අනතුරුව මෙම පහරදීම පිළිබඳ උපුල් රත්නායක කතරගම පොලිසියටත් පැමිණිල්ලක් කළේය.

ඒ අනුව පහර දීමේ චෝදනාවට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගයාන් අරාපක්ෂ කපුවා ඊයේ කතරගම පොලිසියට ගෙන්වා තිබිණි. පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඔහුව තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මේ තත්ත්වය මත මෙවර පෙරහරේ ආර්ක්ෂාව වඩාත් තර කිරීමටත් කපු පරපුරු දෙක අතර ඇති වී තිබෙන මෙම ගැටුම සම්බන්ධව අවධානයෙන් සිටීමටත් පොලිසියට උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.

මේ අමතර පොලිස් ආරක්ෂාව තුළ යම් ගැටුමක් පාලනය කර ගත නොහැකි වුවහොත් හමුදාවේ සහාය ලබා ගැනීමට පොලිසිය සැලසුම් කර ඇත.

මේ පිළිබඳ කතරගම බස්නායක නිලමේ  ඩිෂාන් ගුණසේකර පැවසුවේ මේ තත්ත්වය සම්බන්ධව තමන් කතා කිරීමට අකමැති බවය. බැතිමතුන් මහත් වූ භක්තියෙන් කතරගම දෙවි හාමුදුරුවන්වහන්සේ වෙත පූජා කරන පඬුරු සඳහා මේ ආකාරයට කපුවන් කා කොටාගැනීම   හරිම අශෝබන සහ හරිම සිරිකිත බව නිලමේවරයා අවධාරණය කර කියා සිටියේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රජයේ මර්ධනයට එරෙහිව සියලුම වෘත්තීය සමිති එක මිටට එක්වන ලකුණු!

Next Post

තරුෂිට සහ දිල්හානිට ඔලිම්පික් වරම්!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.