දිනසේන රතුගමගේ
මුලතිව් පරන්තන් මාර්ගයේ කණ්ඩාවලෙයි ප්‍රදේශයේදී යුද හමුදාව විසින් මෙරට නිෂ්පාදනය කරණ ලද විශාල ප්‍රමාණයේ බෝම්බයක් 14 දා සවස සොයා ගෙන තිබේ.
මෙම බෝම්බය පිපිරවීමට අවශ්‍ය වයර්ද සම්බන්ධ කොට කොළ පැහැති පොහොර ගෝනියක දමා සගවා තිබියදී යුද හමුදාව විසින් සොයා ගෙන තිබේ.
යුද හමුදාව ප්‍රකාශ කරන්නේ මේ බෝම්බය ක්ලේමෝ බෝම්බයක් ආකාරයට විදුලි බැටරියක විදුලි බලය උපයෝගී කරගෙන පුපුරවා හැරිය හැකි බවයි.
සාමාන්‍යයෙන් යුද හමුදාව මෙවැනි බෝම්බ ටැපින් බෝම්බ වශයෙන් හදුන්වන අතර යාපනයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරීන් ඉලක්ක කරගෙන වල්ලිපුරම් ප්‍රදේශයේදී පුපුරවා හරින ලද්දේද මෙවැනි බෝම්බයක් බව යුද හමුදාව පැවසීය.
මුලතිව් කණ්ඩාවලෙයි ප්‍රදේශයෙන් හමු වූ මෙම බෝම්බය රැගෙන එන ලද පුද්ගලයා සෙවීම සදහා යුද හමුදාව හා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.