තරීෂා අබේවික්‍රම –
කණ්ඩායම් සංගීතයේ පෙරළියක් ඇති කළ තවත් ජනාදරයට පත් වූ සංගීත ශිල්පයෙක් වූ “සන් ෆ්ලවර්ස්“ නායක නීල් වර්ණකුලසූරියට කොවිඩ් ආසාදිතව ඇතැයි වාර්තා වේ.
මේ වනවිට ඔහු රාගම පුද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් වී සිටී.
දින කිහිපයක් හුස්ම ගැනීමේ අපහසුතාවක් පැවති නමුත් මේ වනවිට තරමක යහපත් තත්ත්වයක් පවතින බවට ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කරමින් ඔක්සිජන් ලබාදීමට ද සිදු ව ඇති නමුත් මේ වනවිට ඔක්සිජන් ලබාදීම නතර කොට සාමාන්‍ය පරිදි හුස්ම ගැනීම හා ආහාර ගැනීම සිදු කරයි.