කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැනුවත් කිරීමට පියවර ගත් බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති , මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , පොදුජන එක්සත් පෙරමුණ යටිනුවර ආසන සංවිධායක නීතිඥ වසන්ත යාපා බණ්ඩාර පවසයි.
මහනුවරදී අද (28) දින මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මන්ත්‍රීවරයා කියා සිටියේ කඩුගන්නාව නගර සභාව තමාගේ සංවිධානත්වයෙන් යුත් යටිනුවර ආසනය තුළ පිහිටා තිබීම හේතුවෙන් තමන් මේ සිද්ධිය පිළිබඳව විශේෂ අවධානයක් ඇතිව කටයුතු කරන බවය.
මේ සිද්ධියේ ඇතැම් චෝදනා මේ වන විට ඔප්පු වී ඇති බවත්, රටේම අවධානය යොමු වී ඇති මේ ප්‍රශ්නය පළිබඳ අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බැවින් එම වාර්තාව ප්‍රකාශයට පත් වූ පසුව අවශ්‍ය තීන්දුව ගන්නා බවත් මන්ත්‍රීවරයා කීවේය.