කංජිපානිගේ කුලී මිනීමරුවාගෙන් වෙඩි කෑ පුද්ගලයා දින 41 පසු මිය යයි.

පසුගිය මැයි 30 වෙනිදා රාත්‍රියේ දී කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකුගෙන් මාළිගාවත්ත ලක්සෙත සෙවන නිවාස සංකීර්ණයේ ඉහළ මහලේ නිවසක් තුළ දී  වෙඩි කෑ පුද්ගලයා   දින 41කට පසු  ඊයේ (11) මිය ගියේය.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය ඔහු 35 වියැති අයෙකි. මේ තැනැත්තා පදිංචිව සිට ඇත්තේ ද වෙඩි ප්‍රහාරයට ලක්වුණු නිවාස සංකීර්ණයේමය.

මෙම වෙඩි ප්‍රහාරයට දින කිහිපයකට පසු විශේෂ කාර්ය බලකාය වෙඩික්කරුව කොටහේනේදී වෙඩි තැබීමට ගත් ගිනි අවියත් සමග අත්අඩංගුවට ගත්තේය.


වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා  ඊට පෙර   අවස්ථා කිහිපයකදීම ඔහු වෙඩි ප්‍රහාරයන්වලට ලක්ව ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහුගේ දිවි බේරී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කංජිපානි ඉම්රාන් බන්ධනාගාරයේ සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව එම ප්‍රහාරයන් සියල්ලක්ම එල්ලකර තිබුණු බව පොලිස් විමර්ශන වලින් අනාවරණය විය.

Exit mobile version