අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕමානයේ දි ලක්ෂ 18කට විකිණුන කාංචනා බී.බී.සියට කී කතාව!

by editor
නොවැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක වීසා මත ඩුබායි රැගෙන ගොස්, එතැන් සිට නීති විරෝධී අයුරින් දේශ සීමාව පසුකර  ශ්‍රී ලාංකික  කාන්තාවන් ඕමානයට රැගෙන ගොස්  කෙරෙන සංවිධානාත්මක වූ  නින්දාසහගත මිනිස් ජවාරමේ තොරතුරු මේ වනවිට හෙළිදරව් වී තිබේ.

මෙම ජවාරමේ අප්‍රසන්න ගොදුරක් වූ කාන්තාවක් ඇයගේ අත්දැකීම බීබීසී සේවය වෙත පවසා තිබිණි. ඇයගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බීබීසිය ඇයගේ අනන්‍යතාවය හෙළි කරන්නෙ නැත. කාංචනා නැමැති අන්වර්ත නාමයෙන් ඇය සම්බන්ධව තොරතුරු බීබීසිය විසින් වාර්තා කර තිබුණේ මෙසේය.

”මම රට ගියේ ඒජන්සියක් හරහා නෙමෙයි, දන්න අක්කා කෙනෙකුගේ මර්ගයෙන්” ඇය කතාව ආරම්භ කළාය.

2019 වසරේදී ඇය සංචාරක වීසා ලබාගෙන ඩුබායි වෙත ගොස් තිබුණි.

‘නංගි, දවස් හතරකට ඩුබායි යන්නේ කිවුවාට අපි දන්නවා එන්නේ අවුරුදු දෙකකින් කියලා’

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

”මම කටුනායක එයාර්පෝට් එකට යනකොට මාව රට යවන්න සම්බන්ධ වෙච්ච අය මගේ ෆොටෝ එකක් එතන හිටපු කිහිපදෙනෙකුට යවලා තිබුණේ. එක්කෙනෙක් එයාපෝට් එක ඇතුළේදී මට යන්න ඕනා තැන් ටික කිවුවා. ඒ අයගේ ෆෝන් වලත් මගේ ෆොටෝ තිබුණ නිසා මට එයාපෝට් එකේදී ප්‍රශ්නයක් වුණේ නෑ.” යනුවෙන් කාංචනා පවසන්නීය.

”එක නිලධාරිනියක් මගෙන් ඇහුවා දවස් කීයකට ද ඩුබායි යන්නේ කියලා. මම කිවුවා දවස් හතරකට කියලා. එතකොට මට කිවුවා, නංගි දවස් හතරකට ඩුබායි යන්නේ කිවුවාට අපි දන්නවා එන්නේ අවුරුදු දෙකකින් කියලා. පරිස්සමින් ගිහින් එන්න කියලා කිවුවා.” යනුවෙන් ඇය විදේශගත වූ ආකාරය එලෙස විස්තර කළාය.

ඩුබායි ගුවන්තොටුපලට ඇය රැගෙන යෑම සඳහා වාහනයක් පැමිණ තිබේ.

‘ඕමාන බෝඩරයේදී පාස්පෝට් එක නිකං බලලා යන්න, යන්න කිවුවා’

”ඩුබායි ගිය දවසේ රෑ මගේ වීඩියෝ එකක් අරගෙන ඒක ඕමාන් වලට යැවුවා. මාව වික්කේ ලක්ෂ 18කට. එදා රෑම මාව ටැක්සියක දාල එව්වා ඕමාන් බෝඩරය ගාවට. එතන ඉඳලා ඕමාන් වලට යන්න තව ටැක්සියක් ඇවිත් හිටියා. එතනදී මගේ පාස් පොට් එක බලාලා නිකම්ම යන්න, යන්න කිවුවා. එච්චරයි”යනුවෙන් ඇය පැවසුවාය.

ඉන් පසුව නිවසක සේවය සඳහා ඇයව යොමුකර තිබිණි. එහෙත් ඇය පවසන ආකාරයට වසර එකහමාරකට පසු තවදුරත් එම නිවසේ සේවය කළ නොහැකි බැවින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වන සුරක්ෂා නිවසට පැමිණ තිබිණි.

”මාසයක් එතන හිටියා. එතන මොනවත් කළේ නෑ. ෆයිල් සේරම යට ගැහුවා. එතන ළමයි ගොඩාක් දුක් විඳිනවා. කන්නබොන්න නෑ. නිකං ටයිල් එකේ බිම නිදා ගන්නේ. මම එක දවසක් ගියා උයන්න. හාල් කිලෝ දහයක් දුන්නා එකසිය දෙකකට උයන්න. මෑ කරල් කිලෝ දෙකයි දුන්නේ. හැමදාම පරිප්පුයි බතුයි, බටුයි බතුයි. නැත්තං වට්ටකයි බතුයි.” යනුවෙන් ඇය කියා සිටියාය.

විදේශ රැකියා සපයන නියෝජිත ආයතන සමග ගනුදෙනු කරන, සුරක්ෂා නිවසේ සිටින කාන්තාවන්ට නොයෙකුත් බලපෑම් කරන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ගැන සහ ඔහුට ආධාර අනුබල දෙන නිලධාරිනියන් ගැන ද ඇය මෙම සංවාදයේදී අනාවරණය කළාය.

”ළමයි ලංකාවට යන්න ඕනා කිවුවහම ඒ සර් කියනවා එළියට ගිහිං සල්ලි හොයන් එන්න කියලා. ඒ ටිකට් එකටයි, දඩ ගෙවන්නයි. ඉතිං ළමයි එතන ඉන්න බැරුව පැනලා යනවා. කොහොමහරි ලංකාවට එන්න සල්ලි හොයා ගන්න ඕනා නිසා සමහර ළමයින්ට ගණිකා නිවාස වලටත් වැඩට යන්න වෙලා තියෙනවා ඇය වැඩිදුරත් පැවසුවාය.

මෙලෙස අසරණ වී සිටින ශ්‍රී ලංකික කාන්තාවන්ට යළි ලංකාවට පැමිණීම සදහා උපකාර කිරීමට කාංචනා මෙන් ඕමානයට් ගිය ශ්‍රී ලාංකිකයෙකු ඉදිරිපත් වී තිබේ. ඔහු ද බීබීසී සිංහල සේවයට අදහස් පළ කළේය.

”මම මේ අයට උදවු කළේ මගේ අනන්‍යතාවය හංගගෙන. අපේ කාන්තාවෝ ලංකාවට යවන්න කියලා උද්ඝෝෂණ පවා කළා. ඒ රටේදී වද හිංසනයට ලක් වුණා හෝ ලිංගික හිරිහැර වුණා කියලා බොහේ දෙනෙක් කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නේ නෑ. මොකද ඒ අය ඕමාන් ඇවිත් තියෙන්නේ හොර පාරෙන් නිසා. අනික ලංකාවේ දරු පවුල් ඉන්න නිසා බොහෝ දෙනෙක් සේරම හංගගෙන, කඳුළු සලමින් ඉන්නවා.” යනුවෙන් ඔහු පැවසුවේය.

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කාංචනා පවසන පරිදි ඇය දින පහක් බන්ධනාගාර ගතව සිට පසුව අයගේ වියදමින් ගුවන් ටිකට් පතක් ලබා ගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

”මේ ගැන මාධ්‍ය මගින් තොරතුරු හෙළි කරපු නිසා බලධාරීන්ගේ ඇස් ඇරියා. අන්තිමට CID එකත් ඕමානයට ඇවිල්ල විමර්ශන පටන් ගත්තා. අපි දන්න දේවල් සේරම කිවුවා. විශේෂයෙන් අර තානාපති කාර්යාලයේ හිටපු සර් ගැන. මට ඕනා ඕමානයේ හිරවෙලා ඉන්න අනිත් අයව ඉක්මනට ලංකාවට ගෙන්න ගන්න” යනුවෙන් කාංචනා පැවසුවාය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ කුමක්ද?

මේ ගැන බීබීසී සිංහල සේවය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී , ඩී.ඩී පී සේනානායකගෙන් විමසීමක් කරන ලදී. එහිදී ඔහු පැවසුවේ මෙම සංවිධානාත්මක ක්‍රියාවලියට සම්බන්ධ විශාල පිරිසක් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිත්තරයක් විකිණිය හැකි සාධාරණ මිල සතියක් ඇතුළත ප්‍රකාශ කරන්න… වෙළෙඳ අමාත්‍යාංශයට  නියෝගයක්!

Next Post

රෝහිණී ගුරු ඇඳුමට දීමනාවක් ඉල්ලයි – ඇමති සුසිල් වෙන ගැටයක් ගහයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.