fbpx
ඉරිදා, දෙසැම්බර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕනෑම සටනකට අපි ලෑස්තියි… ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියයි

editor by editor
ජූනි 25, 2020
in පුවත්
0
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේ සිට ඕනෑම ආකෘතියක ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදානම් තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි. පල්ලකැලේ පැවැත්වෙන දෙවැනි පුහුණු සැසිය අවසානයේ හෙතෙම මේ අදහස් පළ කර සිටියේය.
“ අපි පළමුව අවධානය යොමු කළේ ක්‍රීඩයන්ගේ ශරීර සෞඛ්‍යය සහ යෝග්‍යතාව කෙරෙහි. ඔවුන් මේ ව විට ඉතාමත් හොඳ යෝග්‍යතාවයක් පවත්වා ගනිමින් පුහුණුවීම් කරනවා. ඒක මට ලොකු සතුටක්. අපේ කණ්ඩායමේ විවිධ දක්ෂතා තියෙන ක්‍රීඩකයන් ඉන්නවා. වමත් දඟ පන්දු යවන්නන්. ඒ වගේම පන්දු සංකලනයක් තියෙන පන්දු යවන්නන්. ඒ නිසා ඕනෑම ප්‍රතිවාදියකුට එරෙහිව ක්‍රීඩා කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් තමයි මේක.”
සී.සී.සී. ක්‍රීඩාංගණයේදී සහ පල්ලකැලේදී මෙතෙක් දියත් කළ පුහුණුවත් සමග ලබන ජූලි මාසයේ සිට සිය කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට සුදුසු මට්ටමක සිටින බව ශ්‍රී ලංකා පුහුණුකරුවා විශ්වාස කරයි.
‘ මේ කළ පුහුණුවීම් අනුව ලබන ජුලි මාසයේ ඉඳලා ඕනෑම ආකෘතියක ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට කණ්ඩායම දැන් ලෑස්තියි. ජුලි මාසයෙන් පස්සෙ විස්සයි විස්ස ලෝක කුසලා සඳහා සූදානම් වීමට බලාපොරොත්තු වෙනවා. මොකද තවමත් ලෝක කුසලාන ගැන ස්ථිර අදහසක් නැති නිසා. නමුත් දැන් අපි ඕනෑම ජාත්‍යන්තර තරගයකට සූදානම්.”
පුහුණුකරු මිකී ආතර් සෑම දිනකම පුහුණුව ආරම්භ වීමට පෙර සියලුම ක්‍රීඩකයන් එක් රැස් කරමින් කතා  කරන අතර අනතුරුව සිය පුහුණුව කරගෙන යනු ලබයි. කොරෝනා කාලයේදී ද ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහ වට්ස් ඇප් ඔස්සේ ක්‍රීඩකයන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව සහ දැනුම ලබාදීමට කටයුතු කළද කණ්ඩායමක් වශයෙන් සියලු දෙනාම එක් රැස් කරමින් කරන පළමු පුහුණුව වශයෙන් පල්ලකැලේදී දැන් ක්‍රියාත්මක වන පුහුණු සැසිය හැඳින්විය හැක.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසන්නේ කරගෙන ආ පුහුණුව දිගටම කරගෙන යන බවත් මාස තුනකට පසුව 100% ක් හිටපු තැනකට පැමිණීමට නම් පුහුණුව දිගටම කරගෙන යා යුතු බවත්ය. ශ්‍රී ලංකා කණ්ඩායම දින දහයක නේවාසික පුහුණුවක් පල්ලකැලේදී පසුගිය සඳුදා සිට ආරම්භ කළේය. ඒ සඳහා ලසිත් මාලිංග හැර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයෝ  සහභාගි වූහ.

 

RelatedPosts

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

Tags: නවතම
Share76Tweet44

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

මල්ලාකම් කෝවිලේ පූජකවරයා ප්‍රහාරයකට ලක් වී රෝහලේ

Next Post

කුමාර් සංගක්කාරගෙන් පසු එම්.සී.සී. ලොකු පුටුව කාන්තාවකට

RelatedPosts

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…
පුවත්

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

දෙසැම්බර් 3, 2023
ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!
පුවත්

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

දෙසැම්බර් 3, 2023
සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…
පුවත්

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

දෙසැම්බර් 3, 2023
Next Post
කුමාර් සංගක්කාරගෙන් පසු එම්.සී.සී. ලොකු පුටුව කාන්තාවකට

කුමාර් සංගක්කාරගෙන් පසු එම්.සී.සී. ලොකු පුටුව කාන්තාවකට

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    3879 shares
    Share 1552 Tweet 970
  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

    181 shares
    Share 72 Tweet 45
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

    506 shares
    Share 202 Tweet 127
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

    654 shares
    Share 262 Tweet 164
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

    622 shares
    Share 249 Tweet 156
  • මන්ත්‍රි රොෂාන් රණසිංහට දාපු නඩුව සම්පූර්ණයෙන්ම වැරදි නඩුවක්… කතානායක කියයි.!

    810 shares
    Share 324 Tweet 203

නවතම ලිපි

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

by editor
දෙසැම්බර් 3, 2023
0

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

by editor
දෙසැම්බර් 3, 2023
0

“හුස්ම” සංවිධානයෙන් අලි ඇතුන් ඝාතනයෙන් හෙළිවන  අපේ ම්ලෙච්ඡකම අපට කියා දෙන ප්‍රදර්ශනයක්…

“හුස්ම” සංවිධානයෙන් අලි ඇතුන් ඝාතනයෙන් හෙළිවන  අපේ ම්ලෙච්ඡකම අපට කියා දෙන ප්‍රදර්ශනයක්…

by editor
දෙසැම්බර් 3, 2023
0

dead-body

ළමා නිවාසයක දරුවෙකුට පහර දී ඝාතනය කරලා… පාලිකාව අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 3, 2023
0

නවතම ලිපි

Disappear

ඝණ මීදුම සහ වර්ෂාව නිසා යන එන මං නොදැන හන්තානයේ අතරමං වූ වෛද්‍ය සිසුන් 180ක් හමුදා පොලිස් මෙහෙයුමකින් කඳු පාමුලට රැගෙන එයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

MC-court-mathara

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් මත්ද්‍රව්‍ය සහ අයුධ සොරකම්කර විකිණූ අධිකරණ නිලධාරීන් 03ක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 3, 2023
0

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවයරයා බන්ධනාගාරයේ… නියොජ්‍ය අධ්‍යක්ෂ රෝහලේ… සැපයුම් භාරගන්න කෙනෙක් නෑ… 

වෛද්‍ය සැපයුම් අංශයට නව වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ වැඩ බලන අධ්‍යක්ෂවරයෙක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

සෙට්ටිකුලම නගරයේ කඩයක් තුළ වියපත් අඹු සැමි යුවල ඝාතනය කර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්!

සෙට්ටිකුලම නගරයේ කඩයක් තුළ වියපත් අඹු සැමි යුවල ඝාතනය කර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

රංචුවට අලි 08යි.. දිඹුලාගල අක්කර 750ක පැල ගොයම එක රැයින් විනාසයි…

රංචුවට අලි 08යි.. දිඹුලාගල අක්කර 750ක පැල ගොයම එක රැයින් විනාසයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

dc

මානකුලම් පොලිස් අවි ගබඩාවෙන් පතරොම් 1421ක් අතුරුදහන්… ඇතුළෙම වැඩක් බවට සැකයක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

by editor
දෙසැම්බර් 3, 2023
0

ගාසා තීරයට යළිත් මරණය… සටන් විරාම නැවතුන පසු 193ක් මැරිලා… 650ක් තුවාලයි..

ගාසා තීරයට යළිත් මරණය… සටන් විරාම නැවතුන පසු 193ක් මැරිලා… 650ක් තුවාලයි..

by editor
දෙසැම්බර් 3, 2023
0

 දිනකට ප්ලාස්ටීක් ටොන් 938ක් ජනනය වුනත් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 4යි… ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී හෙළි වෙයි!

 දිනකට ප්ලාස්ටීක් ටොන් 938ක් ජනනය වුනත් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 4යි… ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී හෙළි වෙයි!

by editor
දෙසැම්බර් 2, 2023
0

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත වේ!  මන්ත්‍රීවරු 225ටම බදු ලිපි ගොනු විවෘත කිරීමට නියමිතයි!

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත වේ! මන්ත්‍රීවරු 225ටම බදු ලිපි ගොනු විවෘත කිරීමට නියමිතයි!

by editor
දෙසැම්බර් 2, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

දෙසැම්බර් 3, 2023
ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

දෙසැම්බර් 3, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…
  • ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!
  • සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.