ඔලිම්පික් පදක්කම් ලාභි ලෝක සම්භාවනාවට පත් ඇමරිකානු මළළ ක්‍රීඩිකා ටොරී බෝවිගේ නරක් වූ සිරුර නිවසේ තිබී හමුවෙයි!

මළල ක්‍රීඩා ක්ෂේත්‍රය වර්ණවත් කළ ඔලිම්පික් රන් පදකම් ලාභී කෙටි දුර ධාවන ශූරියක මෙන්ම දුර පැනීමේ ශූරියක වන ටොරී බොවි ෆ්ලොරීඩා හි සිය නිවසේ මිය ගොස් සිටිය දී ඊයේ හමුවුන බව ඇයගේ නියෝජිත කිම්බල් හොලන්ඩ් මාධ්‍යයට පැවසුවේය.

ටොරී බෝල්ඩ් යනු මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශ්මිත ක්‍රීඩාකාවක ලෙස හඳුනාගෙන තිබිණි.  මිය යන විට ඇය 32 හැවිරිදි වියේ පසුවූවාය.

ටොරී  බෝවී 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී  ඇමරිකාව වෙනුවෙන්   පදක්කම් තුනක් දිනා ගත් ක්‍රීඩිකාවකි. මීටර් 4×100 සහය දිවීමේ රන් පදක්කමත්, මීටර් 100 රිදී පදක්කමත්,   මීටර් 200 ලෝකඩ පදක්කමත් ඇය සතු විය.

වර්ෂ 2017 ලන්ඩනයේ පැවති ලෝක ශූරතාවලියේදී ඇය මීටර් 100 සහ 4×100 යන ඉසව් දෙකෙන්ම රන් පදක්කම දිනා ගත්තාය. ඇය මීටර 100 රන් පදක්කම  දිනා ගත්තේ අයිවරි කොස්ට්හි මේරි ජොසී තීරණාත්මක අවසානයේ දී පරාජය කරමිනි.


මිසිසිපි හි සැන්ඩිල්හි උපන් බෝවී කුඩා අවධියේ දක්ෂ පැසිපන්දු ක්‍රීඩිකාවකි.

බෝවි සහභාගි වූ ඇයගේ අවසන් නිල තරඟය 2022 ජුනි වලදි පැවැත්විනි.   ඇය අවසන් වරට ලෝක වේදිකාවේ පෙනී සිටියේ 2019 දී දෝහා හි පැවති ලෝක ශූරතාවලියේදීය.

ටොරී ෆ්ලොරිඩාවේ ඔලර්න්ඩො පිහිටි  සිය නිවස තුළ මියගොස් සිටින ආකාරය මුල්වරට හෙළිදරව් කරගන්නේ ප්‍රාදේශීය ශෙරීෆ් දෙපාර්තමේන්තුව විසිනි.

ටික දිනයක් තිස්සේ ඇය පෙනීමට නොසිටීමත්, ඇයගේ කටහඬ නොඇසීමත් පිළිබඳ අසල්වාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඇය පිළිබඳව සොයා බලද්දී ඇයගේ නරක් වූ දේහය නිවසේ තිබී හමු වී තිබිණි.

මෙය සිය දිවි හානිකරගැනීමක් විය හැකි බවට සැක කරන නමුත් මේ වනතුරු මරණයට හේතුව පිලිබඳ නිල ප්‍රකාශයක් විමර්ශන අංශ සිදුකර නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


[contact-form][contact-field label=”Name” type=”name” required=”true” /][contact-field label=”Email” type=”email” required=”true” /][contact-field label=”Website” type=”url” /][contact-field label=”Message” type=”textarea” /][/contact-form]

 

Exit mobile version