සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔය ක්‍රිකට් පිත්ත පොඩි එකෙකුට දී ජිල් ගහපල්ලා…

by editor
ජූලි 31, 2024 - Updated on අගෝස්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ මොන කුණුහරපයක් දැයි කල්පනා කරමු. එක්කෝ මුන් මේ ක්‍රිකට් ගැහිල්ල නැවැත්විය යුතුය. නැතිනම් පුලුවන් උන් ටිකකට මේ වැඩේ කරන්නට දී පැත්තකට විය යුතුය.

අදත් පරාදය. මෙවැනි අතාර්කික පරාජයන් සම්බන්ධව   නිදහසට මුන් කුමක් කියන්නේදැයි එකත්පස්ව හිඳ අහන්නට ආසාය.

පල්ලේ කැලේ ඊයේ (30) රාත්‍රියේ පැවති අවසන් ඉන්දියා – ශ්‍රී ලංකා අවසන් විස්සයි 20 තරගයේ දී  දිනන්න ගහන්න තිබුණේ ලකුණු 138කි. ඉන්දියානු කණ්ඩායම අද පාණ්ඩ්‍යා විවේක ගන්වා තිබිණි. අක්සාර් පටෙල් විවේක ගන්වා තිබිණි. නිත්‍ය කඩුළු රකින්නා වූ රිෂාබ් පාන්ට් විවේක ගන්වා තිබිණි. ආරම්භක පන්දු යවන්නා වූ අර්ෂ්දීප් සිං විවේක ගන්වා තිබිණි. කඩුළු රකින්නා වූයේ සංජු සැම්සන්ය. වොෂින්ටන් සුන්දර්, ඛලීල් අහමඩ්, සහ ශිවම් ඩුබේ කණ්ඩායමට කැඳවා තිබිණි. අප තරග කළේ හොඳම ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් හතරෙන් තුනක් නැති කණ්ඩායමක් සමගය.

තරගය 

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. ඉතාම ඉහළ පන්දු යැවීමක් පෙනුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානක වෙනුවට ආදේශ කළ චමිඳු වික්‍රමසිංහ පන්දු යැවීම ආරම්භ කළේය. මූලික සිද්ධාන්ත හොඳන්ම අනුගමනය කරමින් චමිඳු පන්දු යැව්වේය. මහීෂ් තීක්ෂණ හොඳ පන්දු යැවීමක නිරත විය .ඔහු ලකුණු 28ට කඩුළු 03කි. වනිඳු හසරංග ලකුණු 29කට කඩුළු 02කි. චමිඳු වික්‍රමසිංහ,  රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු,  කඩුල්ල බැගින් ලැබුහ. ඉන්දිය කණ්ඩායම කඩුළු 09කට ලකුණු 137කට සීමා විය. ශුබ්මන් ගිල් ලකුණු 39ක්, රියාන් පරාග් ලකුණු 26ක්, වොෂින්ටන් සුන්දර් ලකුණු 25ක් ලැබුවේය.

පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය තහවුරු යැයි සිතන ආකාරයේ ආරම්භයක් ලැබුවේය. පැතුම් නිශ්ශංක ලකුණු 26ක් කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්, කුසල් පෙරේරා ලකුණු 46ක් ලබා ගත්තේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

16 වැනි ඕවරයේ වනවිට ලකුණු 110කි. දැවී ගොස් තිබුණේ එක් කඩුල්ලක් පමණි. ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුව ඇත්තේ ලකුණු 28කි. කඩුළු 09ක් තිබේ. පන්දු 30ක් ඒ සඳහා ඇත. එක ලකුණ බැගින් එක පන්දුවකට ලබා ගත්තත් ලකුණු 30කි.

මුන් ගංජා ගසා ක්‍රිකට් ගහන්නට ආවාද,  මුන්ගේ වගකීම කුමක්ද යන්න පිළිබඳව බලා ඉන්න අපට විලි ලජ්ජා හිතුනේ ඉන් පසුවය. මේ ගහන්නේ ක්‍රිකට් ද නැතිනම් වෙන අහවල් දෙයක්දැයි අපට වැටහුනේ නැත. තරගය ඉවර කර අඩියක් ගහන්නට යන්න කතා කරගත්තා සේය.  ඉවර කරන්නට ඒ තරම් හදිස්සිය.

මීට දින දෙකකට පෙර රසල් ආනල්ඩ් කීවාක් මෙන් හඳට ගහන පාරවල් නොව මේ වගේ වෙලාවක අවශ්‍ය වන්නේ තත්ත්වය තේරුම් ගෙන ලබා ගන්නා ලකුණු එක හෝ දෙකය. එහෙත් ලබා දුන් පහසු උඩ පන්දුව කඩුළු රකින ක්‍රීඩක සංජු සැම්සන් අතින් ගිලිහුනු පසු ඒ අවස්ථාව කළමනාකරණය කරගැනීමේ ඥානය කුසල් මෙන්ඩිස්ට තිබුණේ නැත. අවශ්‍යම අවස්ථාවක පට්ට පදුරු ගොං පාරක් ගසා ඔහු දැවී ගියේය.

කුසල් පෙරේරාත් එසේය. ලකුණු 46ක් ලබා ගත් පසුත් කණ්ඩායමේ ස්වරූපය දැනගෙන වගකීම් සහිතව තව පන්දු ඕවරයක් ගහන්නට ඔහුට අවශ්‍ය වූයේ නැත. හිතාගත නොහැකි ගොං පාරකින් ඔහුත් සිය වටිනා ඉනිම තුට්ටුවට දමා ක්‍රීඩා ගාරයට ගියේය.

එතැන් සිට අප දුටුවේ යළි යළිත් අපට පෙනෙන ශ්‍රී ලංකා ක්‍රිකට්වල පදුරු කාලකණ්ණිකමය. අප මෑතක සිට දකින මන්දබුද්ධික පිතිකරුවා වූ වනිඳු හසරංග පන්දු හතරකට මුහුණ දී ලකුණු තුනකට දැවී යන්නේ ඇඟේ හයියට ගහන්නට ගොස් පහසු උඩපන්දුවක් ලබා දෙමිනි. චරිත් අසලංක ඊලඟ පන්දුවෙන් දැවී යන්නේ පන්දුවට ෆෝවඩ් එකක් දාගන්න බැරිවය. රමේෂ් මෙන්ඩිස් ලකුණු 03කි. කමිඳු මෙන්ඩිස් එක ලකුණකි. අවසන් පන්දු ඕවරයේ ලකුණු හයක් ලබා ගැනීමේ ඉලක්කය තිබිය දී  දෙවැනි පන්දුවේ දී රිවස් ස්වීප් එකකින් හයක් ගහන්නට ගොස් කමිඳු මෙන්ඩිස් දැවී යන්නේය.  මුන් එකෙකුටවත් එක ලකුණ දෙක අරගෙන පන්දුවට ලකුණ බැගින් වූ ඉලක්කය ලබා ගන්නට පුලුවන් කමක් තිබුනේ නැත.

විස්සයි 20 තරගයක දී අවසන් පන්දු ඕවර 5 තුළ කඩුළු 09ක් අතේ ඇතිව ලකුණු 28ක් ලබා ගන්නට බැරිනම් ඒ සාකච්ඡා කර සම්මුතියකට පැමිණ ඒ ක්‍රිකට් ගැහිල්ල නතර කළ යුතුය.

ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු 29ක් තුළ ලබා ගත්තේ ලකුණු 27කි. කඩුළු 08ක් දැවී ගියේය.

අවසාන ඕවරයේ ලකුණු 6ක් ලබා ගැනීමේ ඉලක්කය තිබිණි. පන්දුව යවන්නට ගන්නේ නායක සූරිය කුමාර් යාදේව්ය. පළමු පන්දු තුනේ දී ඔහු ලකුණු එකක්වත් නොදී කඩුළු 02ක් ලබා ගන්නේය. පන්දු 3ක දී ලකුණු 05ක් ගෙන තරගයේ ලකුණු සම කරන්නේ චමිඳු ය.

අහම්බයක් නොවේ…

මේ අහම්බයක් නම් ඉවසා සිටිය හැකිය. ඉන්දීය – ශ්‍රි ලංකා විස්සයි 20 තරගාවලියේ පළමු තරගය පැවතියේ පසුගිය සෙනසුරාදා (27) ය. අපි ලකුනු 213ක් හඹා යමින් සිටියෙමු. ලකුණු 140කට දැවී ගොස් තිබුණේ එක් කඩුල්ලකි. ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දු 30ක් තුළ ලකුණු 75ක් ලබා ගැනීමට කඩුළු 09ක් ඉතිරිව තිබිණි. නමුත් ඉතිරි පන්දු 30 තුළ කඩුළු 09ක් ලකුණු 30කට බිඳ වැටුනේය. ලකුණු 43කින් මැච් එක පරාදය.

දෙවැනි තරගය තිබුනේ ඉරිදා (28) ය. අවසාන පන්දු 30 තුළ කඩුළු 07ක් ලකුණු 31කට බිඳවැටුණේය.

ඊට කලින් අතීතයට ගියහොත් බංගලාදේශ ශ්‍රී ලංකා ලෝක කුසලාන තරගයේ සුපිරි 08 දෙනාගේ වටයට යෑම සඳහා පැවති තරගයේ දි ලකුනු 103කට බිඳ වැටි තිබුනේ කඩුළු 03ක් පමණි. ඒ ඕවර 14කට ය. ශ්‍රි ලංකා කණ්ඩායම 123ට ඕල් අවුට්ය. ලෝක කුසලාන ඉතිහාසයේ මුල්ම වරට සුපිරි 08 දෙනාගේ වටයෙන් විසිවුනේ ඒ තරම් නින්දිත ලෙසය. මුන් ඒ නින්දාව නිමා කර නැත. තවමත් යාවත්කාලීන කරන්නේය. ගැටලුව එය ය.

සිදුවෙමින් ඇත්තේ එකම දෙයකි. අවශ්‍ය සියලු පහසුකම් සපයා දී ඇතිනම්,  විශේෂඥ පුහුණු කරුවන් ගෙන්වා අවශ්‍ය පුහුණුව ලබා දී තිබේනම්, කුජිත වෙන්නට පැරදුනත් එකෙකුට ඩොලර් පන්දහසක දීමනාවක් ලැබේනම්, මුන් මැච් එකක් දිනා දීම සඳහා  තවත් දෙන්නට කියන්නේ පශ්චාද්භාගය දැයි අපට වැටහෙන්නේ නැත.

පුහුනුකරුවන්, විශාරදයින්, සැලසුම් කරුවන් කොපමණ හිටියත් පිට්ටනිය මැද්දට ගිය විට අඩුම තරමින් ඒ අවස්ථාව තෝරාගන්නට බැරිනම් මුන්ව තවත් තියාගන්නේ හුරතලයට ඇති කරන්නදැයි ක්‍රීඩා ලෝලීන් වශයෙන් දැන් අපට ප්‍රශ්නයක් තිබේ.

රසල් ආනල්ඩ් මේ සම්බන්ධව අතිශය සාධනීය යථාර්ථය මිට දින දෙකකට පෙර ඉදිරිපත් කර තිබිණි. ” ඒ වෙලාවයි තේරුම් ගන්න ඕන. හඳට ගහන්න නෙමෙයි… ලකුනු 50ක් නම් අන්තිම ඕවර පහට ගහන්න තියෙන්නේ මම නම් කකුලෙන් ගහලා හරි ඒ ලකුනු 50 අරන් දෙනවා. මහ ලොකු පාරවල් නෑ… ඒ පාරවල් තියනවා කියන උන් මොකක්ද මේ පිට්ටනිය මැද්දට ගිහින් කරන්නේ. මේක හැමදාම මෙහෙම වෙන්න දෙනව ද?. දැන් ඔබ බබා උක්කුං ඇති. වඩාගෙන තොත්තු දිදි ආපු ගමන තමයි මේ විදිහට කෙළවර වෙලා තියෙන්නේ….”

අපට කියන්නට ඇති කතාව රසල් කීවේය. රසල් ගේ කතාව වගේම දෙවැනි තරගය අවසානයේ දී තිලිණ කණ්ඩම්බි කී ක්‍රීඩකයින් පිළිබඳ තද තීන්දු ගැනීම සම්බන්ධව අප සිටියේ බලාපොරොත්තු සහිතවය.

වෙනසක්…

සිදුවී තිබුණේ එකම වෙනසකි. දසුන් ශානක වෙනුවට චමිදු වික්‍රමසිංහ තෝරාගෙන තිබිණි. ඇත්තටම චමිඳු නොවන්නට මේ තරගය පරදින්නේ රෙදි ගැලවෙන තරම් කුජීත ලෙසය. තරගය සුපිර ඕවරය තෙක් ඇදගෙන ගියේ චමිඳු ය. අන්තිම පන්දු 03ට ලකුණු 05ක් ගහන්නට ඇති අවස්ථාවේ ලකුණු 04ක් ලබා දී තරගය සම කරගත්තේ ඔහුය. ආරම්භක පන්දු යවන්නා ලෙස පන්දු යැවීමේ විශ්වාසනීය ප්‍රවේශය කණ්ඩායමට ලබා දී පන්දු ඕවර 4 තුළ ලකුණු 17ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත් ඔහු කණ්ඩායමේ කොන්ක්‍රීට් වී සිටින අපතයින් ඉවත් කරමින් සිදුවිය යුතු වෙනස් සඳහා වූ සාධනීය අවශ්‍යතාවය   අපට පෙන්වා දුන්නේය.

සුපිරි ඕවරයට තරගය ගියේය. පන්දු තුනක දී කඩුළු 2ක් දැවී ලකුණු 2ක් ලබා ගත්තේය.

පන්දුවට පහර දිමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ නායකයා මුල් පන්දුවෙන්ම හතරේ පහරක් ගසා තරගය නිමා කළේය.

චරිත් අසලංකලාට දැන් කියන්නට ඇත්තේ මෙච්චරය. ඔය ක්‍රිකට් පිත්ත පොඩි එකෙකුට දී ජිල් ගහපල්ලා…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ මහ පළුවම ගැලවේ…  මහින්ද වෙනුවෙන් දිවි පුදන්නට හිටි පවිත්‍රාත් එතන… පොහොට්ටුවේ මන්ත්‍රීවරු 92ක් ජනපති  හා එක්වන බව ජනපති ඉදිරියේ පොරොන්දු වෙති !

Next Post

සජිත් ඇප මුදල් තැන්පත් කරයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.