ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව එන්නත් දෙකම ලබා නොගෙන විදේශ සමුළුවලට ගියේ කොහොම ද?

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍ය බලධාරීන්ගෙන් විමසති!

Upul-Rohana

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

ඔමික්‍රෝන් වයිරසය ආසාදිත කාන්තාව සම්බන්ධයෙන් බරපල ගැටලු ගණනාවක්ම මතුව ඇතැයි මහජන සෞඛ්‍යපරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

වයිරසය ආසාදනය වූ මෙම කාන්තාව එන්නත් මාත්‍රා දෙකම ලබා නොගෙන් නයිජීරියාවේ සමුළුවකට සහභාගි වූයේ කෙසේද යන්න පිලිබඳව මෙන්ම ඇය මෙරටදී නිරෝධායනයට යොමු කළ බව හෝ නැවත නිවසට පැමිණි පසුව ඇය පදිංචි මාරවිල   ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරී වරයාව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් බරපතල  ගැටලු ගණනාවක්ම  මතු ඇතැයි සංගමයේ සභාපති උපුල්රෝහණ මහතා සඳහන් කළේය.

මෙම කාන්තාව නිවස තුළ  නිරෝධායනය වන්නේද යන වග සෞඛ්‍යවෛද්‍ය නිලධාරී කාර්යාලට හෝ මහජන සෞඛ්‍යපරික්ෂකවරයාට නිල වශයෙන් දැනුම් දී නොමැති බැවින්  නිවසේ අන් අය නිරෝධායන කිරීමට නොහැකි වී ඇතැයි ඔහු පෙන්වාදේ.


තවත් මෙවැනිම ආසාදිතයින් සිටිය හැකි බවත් පීසීආර් පරික්ෂණයන් නොකර වාර්තාවන් නොමැතිව තවත් බොහෝ පිරිස් ලංකාවට පැමිණෙන බවත් ගුවන්තොටුපල ආවේෂණ පද්ධතිය තුළ පවතින හිඩැස් මගින් මොවුන්   මෙරටට පැමිණෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්  උපුල් රෝහණ මහතා පැවසීය‍

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  නිරෝධායන පනත අමු අමුවේ උල්ලංඝණයක කර ඇති පිරිස් සම්බන්ධව    නීත්‍යාන්‍රකූලව කටයුතු කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බවද සභාපතිවරයා  පැවසීය.

Exit mobile version