ඔබත් වහාම පරීක්ෂණයක් අරඹන්න… අරවින්ද ඉන්දියාවෙන් ඉල්ලයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එල්ල කරන 2011 ලෝක කුසලානයේ අවසන් මහා තරග පාවා දීමේ චෝදනාව ඉතාම බරපතල ලෙස සලකා වහාම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස තමන් ඉන්දියානු  රජයෙන් හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්  ඉල්ලා සිටින බව හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයෙකු මෙන්ම 2011 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාව සිටි අරවින්ද සිල්වා කියයි.

මහින්දානන්ද අලුත්ගමගේ නගන චෝදනාව අනුව ලංකාව අවසන් මහා තරගයේ දී ඉන්දියාවේ ජයග්‍රහණය උදෙසා තරගය පාවා දී තිබේ.

“ මේ අපරාධය කළේ කව්ද කියලා හරියටම දැනගන්න ඕන. සාධක තියනවා නම් කියන්න. අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයක් තියනවා. ඒ අය කිසිම දෙයක් මේ වනතුරු අපෙන් අහලා නෑ. අවුරුදු නවයක් අයි.සී.සි. එක නිදාගෙන ද හිටියෙ. “ අරවින්ද සිල්වා ප්‍රශ්න කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් ඉදිරියට තරාතිරම කුමක් වුවත් තමන් නිහඬව නොසිටින බව පවසන අරවින්ද සිල්වා සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉන්දීය රජයෙන් හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටී.

 

Exit mobile version