හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එල්ල කරන 2011 ලෝක කුසලානයේ අවසන් මහා තරග පාවා දීමේ චෝදනාව ඉතාම බරපතල ලෙස සලකා වහාම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස තමන් ඉන්දියානු රජයෙන් හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයෙකු මෙන්ම 2011 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාව සිටි අරවින්ද සිල්වා කියයි.
මහින්දානන්ද අලුත්ගමගේ නගන චෝදනාව අනුව ලංකාව අවසන් මහා තරගයේ දී ඉන්දියාවේ ජයග්‍රහණය උදෙසා තරගය පාවා දී තිබේ.
“ මේ අපරාධය කළේ කව්ද කියලා හරියටම දැනගන්න ඕන. සාධක තියනවා නම් කියන්න. අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයක් තියනවා. ඒ අය කිසිම දෙයක් මේ වනතුරු අපෙන් අහලා නෑ. අවුරුදු නවයක් අයි.සී.සි. එක නිදාගෙන ද හිටියෙ. “ අරවින්ද සිල්වා ප්‍රශ්න කරයි.
මින් ඉදිරියට තරාතිරම කුමක් වුවත් තමන් නිහඬව නොසිටින බව පවසන අරවින්ද සිල්වා සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉන්දීය රජයෙන් හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටී.