ඔන්ලයින් මත්පැන්වලට වෛද්‍ය සංගමයේ විරෝධය ! සුරාබදු දෙපාර්තමේන්තුවටත් අභියෝග කරයි

doctors liquor dilivery

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා මේ වනවිට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ශ්‍රි ලකා වෛද්‍ය සංගමය දැඩි විරෝධයක් පළ කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් එම සංගමය පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ දුම්වැටි පනත අනුව මත් පැන් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීම 2006 අංක 26 දරණ ජාතික මත්පැන් සහ දුම්වැටි අධිකාරී පනත යටතේ නීතිවිරෝධි බවයි. සුරාබදු දෙපාර්තමේන්තුව මෙම කටයුත්ත කරන්නට කියන්නේ නීතිය පිළිබඳව නිසි ලෙස නොදැනගෙනදැයි එම ලිපිය මඟින් ප්‍රශ්න කරයි.
එසේම පසුගියදා මාධ්‍ය හමුවකදී සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා රට වසා ඇති කාලය නිත්‍යනුකූල මත්පැන් නොමැති වීම නිසා නිති විරෝංධි මත්පැන් භාවිතය රට තුළ වැඩිව ඇති බව පෙන්වා දුන්නද ඔවුන් ඒ සම්බන්ධයෙන් නිශ්චිතව තහවුරු කිරීමට අදාළ සාධක ඉදිරිපත් කර නොමැති බවද අග්‍රාමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් කර තිබේ. එසේම ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය මෙම ලිපිය මඟින් සුබරාබදු කොමසාරිස්වරයාට අභියෝග කරමින් පවසන්නේ හැකිනම් එවැනි නීති විරෝධී නිෂ්පාදන ප්‍රමාණය, සිදු කෙරෙන වැටලීම් ප්‍රමාණය අදාළ ස්ථාන දින ආදී සියලු තොරතුරු නිශ්චිත වශයෙන් ඉදිරිපත් කළ යුතු බවය. මේ කරුණ තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරන්නේ නිති විරෝධි මත්පැන් භාවිත කරන්නේ එක්තරා සමාජ කාණ්ඩයක් පමණක් බවයි.
එසේම සුරා බදු දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවකදී මත්පැන්හල් වසා තැබීම හේතුවෙන් දිනකට රජයට විශාල බදු ආදායමක් අහිමි වන බව පෙන්වා දීම ද වෛද්‍ය සංමගය මෙම ලිපිය මගින් අභියෝගයට ලක් කරයි. වෛද්‍ය සංගමය පවසන්නේ මෙරට සිදු කෙරී ඇති අධ්‍යයනයන්ට අනුව මත්පැන්වලින් උපයන ආදායමට සාපෙක්ෂව අති විශාල සමාජ ආර්ථික පිරිවැයක් මත් පැන් හේතුවෙන් නිර්මාණය වන අර්බුද වෙනුවෙන් ගෙවීමට සිදු වන බවය.
මේ වනවිටත් කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි ආර්තික පීඩනයක් යයටටත් සිටින ජනතාවට මත් ැන් ලබා ගැනීමට ඉඩ සැලසීමෙන් අනවශය ප්‍රශ්න නිර්මානය විය හැකි බවත් මේ සියලු තත්ත්ව සලකා අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන්නැයි මෙරට වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම වෘත්තීයවේදී සංගමය ලෙස එම සංගමය ඉල්ලා සිටී.

Exit mobile version