ඔන්ලයින් අධ්‍යාපනය ෆේල්… අධ්‍යාපන ඇමතිම පිළිගනී.

දැනට පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින අන්තර්ජාලය හරහා ඉගැන්වීමේ ක්‍රමවේදය අසාර්ථක බව තමන් පිළිගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්  අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සම්බන්ධයෙයන් විවිධ විෂමතා පවතින බවත් ඒ නිසා එය සාර්ථක වී නොමැති බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රිනි රෝහිණි කවිරත්න   විසින් අසන ලද ප්‍රශ්නයකට අදාළව පිළිතුරු දෙමිනි.

අද උදෑසන පැවති ප්‍රශ්න අසීමේ සැසියේදී අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විචාරමින් රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය සඳහන් කළේ කවුරු කෙසේ කීවත් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ ෆේල් බවය. ස්මාර්ට් ජංගම දුරකථනයක්වත් නොමැති දෙමාපියන් ගණනාවකට මෙම පාඩම්වලට තම දරුවන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම ග්‍රාමීයව දැකිය හැකි බවත් නාගරික දරුවන් මෙම පහසුකම් තිබුණත් ඔවුන්ට මෙම අවස්ථා අහිමි වී යන බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.


එසේම දෙමාපියන් දිවා කාලයේ රාජකාරීවලට යන තත්ත්වයක් තුළ ඔවුන්ට ජංගම දුරකථන හෝ පරිගණක දිවා කාලයේදී සැපයීමට දෙමාපියන්ට නොහැකි වීම වැනි ත්තත්ව හේතුවෙන් මෙම ක්‍රමය අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා 2021 වසරේදී පාසලේ විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමේදී 2020 වසරේ ඉතිරි වූ විෂය නිර්දේශ ද සම්පූර්ණ කරන ලෙස පාසල් ගුරුවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් එය ප්‍රායෝගික නොවන බවත් සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගත් මහාචාර්ය ජී.එල් පීරිස් අධ්‍යාපන අමාත්‍යතුමාට මේ තත්ත්ව පිළිබඳව සලකා තීරණ ගන්නා ලෙස ද ඇය මෙහිදී ඉල්ලා සිටියාය.

Exit mobile version