බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔක්සි මීටර තුළ දමා කොවිඩ් මරණය අලෙවි කරන මිනී මරුවෝ!…

by editor
අගෝස්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජාවාරම් කරුවන් 03ක් සමග ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර 5200ක් අත්අඩංගුවට

වෙළෙඳ පොළේ අළෙවිය සඳහා තිබූ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර 5200 ක් පසුගිය දෙමසක කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා යොමුකර තිබෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති ඔක්සිජන් මට්ටම මැනීමට උපයෝගි කරගන්නා මෙම උපකරණ වලට කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ අධික ඉල්ලුමක් ඇති වීමත් සමඟ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණ තිබෙන බවට ඖෂධ නියාමන අධිකාරිය මගින් අදාළ වැටලීම් සිදුකර ඇත.

වලාන දූෂණ මර්දන අංශය මගින් ලබාදුන් තොරතුරකට අනුව ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර මෙරටට ගෙන්වා බෙදාහරින ව්‍යාපාරිකයින් තිදෙනෙකු පසුගිය ජූනි මස 12 දින පිටකොටුවේ දී ඔක්සි මීටර 3500 ක් සමඟ අත්අඩංගුවට ගත් බවත් ඉන් අනතුරුව අඛණ්ඩව සිදුකළ වැටලීම් මගින් ඖෂධ අළෙවිසල් වල විකිණීමට තිබූ තවත් ඔක්සි මීටර 1700 ක් අත්අඩංගුවට ගත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ අංශ ප්‍රධානි අමිත් පෙරේරා  පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොවිඩ් වෛරසය තමන්ට ආසාදනය වී ඇතැයි සැකකරන පුද්ගලයින් තම ශරීරයේ ඔක්සිජන් මට්ටම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවට වෛද්‍යවරු පෙන්වා දී තිබෙන බැවින් බොහෝ පිරිස් නිවසේදීම එය නිරීක්ෂණය කරගැනීම සඳහා ඔක්සි මීටර මිලට ගැනීමට පෙළඹී සිටින බවත් මේ නිසා එම උපකරණ වලට පවතින අධික ඉල්ලුම ප්‍රයෝජනයට ගෙන කූඨ වෙළෙඳුන් බාල වර්ගයේ නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙළඹී තිබෙන බවත් ඔහු කීය.

ප්‍රමිතියෙන් තොර මෙම බාල වර්ගයේ ඔක්සි මීටර වලින් නියමිත මාපාංක නොලැබෙන බැවින් ඒවා භාවිත කරන පුද්ගලයින් වැරදි තීන්දුවලට යොමුවීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල, මාලඹේ සහ කඩුවෙල යන ප්‍රදේශවල පිහිටි ඖෂධ අළෙවි සැල් 12 ක් පසුගිය සති අන්තයේ  පරීක්ෂාවට ලක්කළ බවත් ඉන් හතරක තිබී ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර සොයාගත් බවත් කී අමිත් පෙරේරා   ඒවා රුපියල් 3000.00-3500.00 අතර මුදලකට අළෙවිකර තිබෙන බවද පැවසීය.

වගකීම් සහතියක් නොමැතිව අළෙවි කරන මෙම ඔක්සිමීටර ඖෂධ අළෙවි සැල් වලට බෙදාහැර තිබෙන්නේ බිල්ගත කිරීමකින් තොරව බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවංශ, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ  ගේ උපදෙස් මත ආහාර හා ඖෂධ පරීක්ෂකවරු සහ ඖෂධ නියාමන අධිකාරියේ බලයලත් නිලධාරීන් මෙම ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර සොයා දිවයින පුරා වැටලීම් සිදුකරයි.

තත්ත්වයෙන් උසස් නියම ඔක්සි මීටර රාජ්‍ය ඔසු සළෙන්  මිලට ගත හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“වන්නිලා ඇත්තීට “ කොවිඩ්…

Next Post

පැතිරෙන්නේ කොළඹින් ඉපදුන මාරක කොවිඩ් ප්‍රභේයක් ද?… වාර්තාව සතියකින්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.