බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඓතිහාසික සොයිසා ගොඩනැගිල්ල කඩන්න බෑ…සංරක්ෂණට සැලසුම් දීලා තියෙන්න… එතනින් එහාට මා දන්නෙ නෑ…

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක කියයි...

by editor
අගෝස්තු 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ඓතිහාසික භූ සලකුණක් වූ කොම්පඤ්ඤවීදියේ සොයිසා ගොඩනැගිල්ල කිසිසේත්ම කඩා දැමීමේ අදහසක් නැති බවත් එය සංරක්ෂණය කිරීමට අදාල සියලුම සැලසුම් මෙන්ම මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කිරීමට අදාල සියලුම ලේඛණ අදාල අංශ වෙත ඉදිරිපත් කර ඇති බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

එම සැලසුම් භාරදීමෙන් අනතුරුව සිදුවෙමින් ඇති දේ පිළිබඳව තමන් දැනුවත් නැති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ උදෑසන සිට මෙම ගොඩනැගිල්ල කඩා දැමීමට සැරසෙන බවට පැතිරී ගිය කතාව පිළිබඳ අප කළ විමසීමේ දීය.
කොම්පඤ්ඤවීය පුරාණ ගොඩනැගිලි සහිත භූමියේ ඉන්දියානු ටාටා සමාගම දියත් කරන සංවර්ධන ව්‍යාපෘතියේ දී මෙම පුරාණ ගොඩනැගිල්ල ඉවත් කිරීමට අවස්ථා කීපයකදීම උත්සාහ කළමුත් එහි ඓතිහාසික අගය වටහා දී ඒ විනාශයෙන් බේරා ගැනීමට හැකි වී තිබිණි.

එහෙත් එම ව්‍යාපෘතිය යටතේම කොම්පඤ්ඤවීදිය දුම්රියපල අසල පිහිටි කාසල් ගොඩනැගිල්ල යහපාලන රජය සමයේ දී එක රැයකින් කඩා දැමුවේය. කඩා දැමීම සදහා දැනුම් දී තිබිය දීත් මෙම ගොඩනැගිලි කිසිවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කර තිබුණේ නැත.

Castle-Hotel
එක රැයකින් ඉවත් කළ කාසල් හෝටලය -2014 ජනවාරි

කෙසේ වෙතත් එම අත්දැකීමත් සමග වසර හයක කාලයක් තිස්සේ මෙම ස්මාරකය රැක ගැනීම සඳහා ගැසට් කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උත්සාහ කළ ද දෙපාර්තමේන්තුවේම යම් ප්‍රශ්නකාරී මැදිහත්වීම් නිසා එම කටයුත් ඉතා අතාර්කික ලෙස යටපත් වී ගිය බව පුරාවිද්‍යා ආරංචි මාර්ග හෙළිදරව් කළේය.

කෙසේ වෙතත් අවසානයේ දී ස්මාරකයට අදාල සියලු ලේඛන සකසා නීතිපති අනුමැතිය ලබාගෙන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීමෙන් සංස්කෘතික අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.

Soza-Bulding
ගරා වැටෙන්නට හැර ඇති සොයිසා ගොඩනැගිල්ල

එහෙත් ගොඩනැගිල්ල ගැසට් කිරීමට අදාල අත්සන සංස්කෘතික ඇමතිවරයා වූ අගමැතිවරයා විසින් තවම තබා නැති බව වාර්තා වේ.

මෙම ගොඩනැගිල්ල කඩා දමන බවට වූ තොරතුරු මත පුරාවිද්‍යා නිලධාරීන් සංස්කෘතික ලේකම්වරයාගෙන් කළ විමසීමක දී ඔහු පසුගිය දා එම නිලධාරීන්ට පවසා තිබුණේ රජයේ සංවර්ධන කටයුතුවලට බාධා නොකර සිටින ලෙස තමන්ට ඉහලින් උපදෙස් ලැබී ඇති බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්නපුරේ දැවැන්ත ආරනූල් මැණික් පොකුර චීනෙට

Next Post

ආසනවලට වඩා මගීන් ගත්තොත් පොදු ප්‍රවාහන සේවා අත්හිටුවනවා – දිලුම් අමුණුගම

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.