ඒ පුංචි උන්… කින්යා පාරුව පෙරළී ගිලී මළ සිසුන් සිහිකර මුලතිව් සිසුහු පින් දෙති…

දිනසේන රතුගමගේ –

කින්නියාවේ බෝට්ටු අනතුරෙන් මියගිය සිසුන් සිහිපත්කරමින් ඔවුන්ට  පින් අනුමෝදන් කරවමින් ආගමික වතාවත් රැසක් මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් කීපයක 25 දා උදෑසන සංවිධානය කොට තිබුණි.

අධික වර්ෂාව මධ්‍යයේ පාසල් පැමිණි සිසුන් මල් පහන් පූජා කොට ඉටිපන්දම් දල්වමින් නිෂ්ශබ්දතාවය ආරක්ෂා කරමින් මියගිය සිසුන්ට මෝක්ෂය ප්‍රාර්ථනා කළ අතර තුවාල ලබා සිටින පිරිසට සුවයද ප්‍රාර්ථනා කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවට එම පාසල් වල සිසුන් හා ගුරුවරුද සහභාගී වී සිටියහ.


Exit mobile version