fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එස්.එස්.පී තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවතට

වසර 2ක් ago
in පුවත්
444 4
0
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න ඉවත්කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණයත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කැළඹිමත් හටගෙන තිබේ.

ඩබ්ලිව්. තිලකරත්න  වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ  මුලින්ම අගමැතිවරයා ලෙස පත්වූ දින සිට ඔහු ජනාධිපතිධුරයෙන් ඉවත්ව යන තුරුම ඔහුගේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටියෙකි. මහින්ද රාජපක්ෂ  අගමැතිවරයා වූ මුල් අවස්ථාවේදී අගමැති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා වූයේ ඔහුය. මහින්ද රාජපක්ෂ  ජනාධිපති වූ මුල් අවස්ථාවේද ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතවිය. පසුව ඔහු සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස් වීම් ලැබීමේන් අනතුරුව ජනාධිපති බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස සේවයේ නිරතව සිටි අතර පසුව ජනාධිපති ආරක්ෂක ඒකකයේ අධ්‍යක්ෂකධුරයත් දැරුවේය.

යහපාලන ආණ්ඩුව පෙරලී ගෝඨාභය රාජපක්ෂ  නැවත ජනාධිපතිධුරයට පත්වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කිරීමෙන් පසු ඒ තැනට පත්කරනු ලැබුවේ ඩබ්ලිව්. තිලකරත්නය.

ඔහු  මෑතක සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ නීත්‍යානුකූල නොවන කිසිවක් නොකරන ලෙසය. ඊට මුල්වී ඇත්තේ ඇතැම් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට මූලික මිනිස් අයිතිවාසිකම් නඩු ගොන්නක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැටී ඇති බැවිනි.

ඒ සම්බන්ධයෙන් බලධාරීන්  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඩබ්ලියු. තිලකරත්න  සමග උරණ වී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරුකර යැවීමට තීරණය කර තිබේ. ඔහුව මාරුකිරීමට සැළසුම්කර තිබී ඇත්තේ පොලිස් අශ්වාරෝහක අංශයටය. ඒ ගැන කල්තියාම කණ වැකුණු ඩබ්ලියු. තිලකරත්න පසුගිය 20 වෙනිදා උදෑසන අගමැති මහින්ද රාජපක්ෂ හමුවී පවතින තත්වය ගැන දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඒ අනුව අශ්වාරෝහක කොට්ඨාසයට ලබාදීමට තිබුණු ස්ථාන මාරුව ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකධුරය දක්වා වෙනස් වී තිබෙන බව සඳහන්ය.

කෙසේ වෙතත් ඩබ්ලියු. තිලකරත්නගේ ස්ථාන මාරු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්ත.මේන්තුවේ බහුතරයක් නිලධාරීන් සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ලෙස පත්කිරීමට සූදානම් වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ප්‍රසන්ත අල්විස්ය. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අම්පාවිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටියදී පිටස්තරින් නිලධාරියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීමට සූදානම් වීම ගැනද නිලධාරීන් තුළ ඇතිව තිබෙන්නේ කල කිරීමකි.

Join @lankasara on Telegram Channel
Previous Post

අනතුරක් කර පලාගිය අශෝක ප්‍රියන්තගේ රථය මග නැවතේ…

Next Post

සල්ලිවලට පොරකන්න ගිහින් මාලිගාවත්තේ තිදෙනෙක් මරුට

Related Posts

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

මැයි 20, 2022

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

මැයි 20, 2022

ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

මැයි 20, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!
  • “බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!
  • “ඔබ විකිණුනා ද? “… “මේ පජාත දේශපාලන කතා නිසා තමයි එළියට බහින්න බැරිව 225ම ගුටි කන්නෙ
  • ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !
  • ගොඩ බාපු ගෑස්වලින් සියයට 60ක් බස්නාහිර පළාතට දෙන්න! කෝප් කමිටුව ලිට්රෝට කියයි

ජනප්‍රිය පුවත්

  • රට අගොස්තුවේ සිට අහාර හිඟයක… මාර්තු වනතුරු ජීවත් වන හැටි ප්‍රශ්නයක්… අගමැති කියයි…

    244 shares
    Share 98 Tweet 61
  • සැඟවී සිට පැමිණි නාමල්  සාධාරණය ඉල්ලයි… සී.අයි.ඩී. ගිහින් කටඋත්තරත් දුන්නලු…

    239 shares
    Share 96 Tweet 60
  • තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

    229 shares
    Share 92 Tweet 57
  • අප්පිරියා හිතුණා! ඇමතිකම ගත්තේ මූණවත් නොබලා ! හරීන් කියයි

    227 shares
    Share 91 Tweet 57
  • අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

    261 shares
    Share 104 Tweet 65
  • ලොක්කන්ගේ කීමට  නීතිය අවභාවිතා නොකළ නිසා පන්නා දැමූ බම්බලපිටිය  OIC යළි එම තනතුරට…

    172 shares
    Share 69 Tweet 43

Highlights

ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

ගොඩ බාපු ගෑස්වලින් සියයට 60ක් බස්නාහිර පළාතට දෙන්න! කෝප් කමිටුව ලිට්රෝට කියයි

O/L විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කැපෙන්නෙ මෙහෙමයි…

21 ලෑස්තියි… සඳුදා කැබිනට් අනුමැතියට යොමු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… අධිකරණ ඇමති කියයි…

අරගල කරුවන්ට ගැහුවේ පොලිසිය 2000ක් රාජකාරියේ යොදවා සිටිය දී… CID ය අධිකරණයට කියයි!

නාමල් CID එයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

by editor
මැයි 20, 2022
0

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල්...

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

by editor
මැයි 20, 2022
0

බස් රථ ගිනි තැබූ අයව වහාම අත්අඩංගුවට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist