එල්.පී. ගෑස්වල ප්‍රමිතිය හොඳයි ලු… ලිට්‍රෝ ගෑස් අලෙවි අධ්‍යක්ෂ මාධ්‍යට කියයි!

gas-shortage

එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස් ආයතනය සහ රජය අපහසුතාවට පත්කිරීමේ උත්සාහයක් බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂ ජනක පතිරත්න  අද (24) පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් ජනතාව අතර මේ වන විට තිබෙන බව කී ජනක පතිරත්න  එම සියලුම ගෑස් සිලින්ඩර ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් කර ඇති බව ද සඳහන් කළේය.

ලංකා ගෑස් සමාගම සහ ෂෙල් ගැස් සමාගම යන සමාගම් ලෙස වර්තමාන ලිට්‍රෝ ගෑස් සමාගම පැවැති කාලයේ සිට වසර 150 කට ආසන්න කාලයක් ජනතා විශ්වාසය තබාගෙන වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන බවත් සඳහන් කළ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂවරයා කිසිඳු බියක් නොමැතිව ගෑස් පරිභෝජනය කරන ලෙස වගකීමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීය.


ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සුරක්‍ෂිතා අධ්‍යක්‍ෂ, රසායනික හා ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක   මාධ්‍ය හමුවේදී පැවසුවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ගෘහස්ථ යන දෙකටම එකම වායු සංයුතිය භාවිතා කරන්න බවත් ගෑස් සිලින්ඩරය සමඟ සම්බන්ධ කරන සෙසු උපාංගවල දෝෂයක් නිසා ගෑස් කාන්දු වීමෙන් ගෑස් වාතයේ බරට වඩා ඝනත්වයෙන් වැඩි නිසා කාන්දුවීමකදී පොළව මට්ටමේ දීර්ඝකාලයක් එකතු වුණහොත් ගිනිගන්නා සුළු ප්‍රභවයක්  එකතු වීමෙන් ගිනිගැනීමක් හෝ පිපිරීමක් වියහැකි බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version