දිනසේන රතුගමගේ –
එල්.ටී.ටී.ඊ.සංවිධානයට යළි පණ දීමේ සිද්ධීන් කිපයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති කිළිනොච්චිය කරච්චි ප්රාදේශීය සභාවේ සභාපති අරුණාසලම් වේලමයිකිත්ති නැමැත්තාට මේ මස 6 වෙනිදා කොළඹ පිහිටි පොලිස් ත්රස්ත මර්දන ඒකකය වෙත පැමිණෙන ලෙසට දැණුම් දී තිබේ.
පසුගිය කාලයේදී රජයට එරෙහිව එල්.ටී.ටී.ඊ.සංවිධානයට පක්ෂපාතීව කිළිනොච්චියේ සිදු වූ සිදුවීම් කීපයකටම සභාපතිවරයාගේ නම සදහන් වූ අතර කිළිනොච්චිය පොලීසියෙන්ද මීට පෙර ඔහුගෙන් ප්රකාශයන් ලබා ගෙන තිබේ.
මේ මස 6 වෙනිදා ත්රස්ත මර්දන ඒකකය වෙත පැමිණෙන ලෙස දන්වා පොලීසිය නිකුත් කළ නිවේදනයක් 2 දා කිළිනොච්චිය පොලීසිය මගින් ප්රාදේශීය සභා සභාපතිවරයා වෙත බාරදී තිබේ.