එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

විමර්ශන නිමිත්ත එරික් මාරු කරන ලෙස රාජ්‍ය ඇමති යැවූ ලිපිය සමාජ මාධ්‍යවල සංසරණය වීම...

දංකොටුවේ සහ  වෙන්නප්පුවේ නීති  විරෝධී මත්පැන් ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වරදට දේශපාලන උදහසට ලක්ව ස්ථාන මාරුවීමක් ලබා මේ වන විට සීදූව සහ රද්දොළුගම පොලිස්වසම්වල සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරන එරික් පෙරේරාට එරෙහිව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භකර ඇත.

එම පරීක්ෂණයට අදාලව ඔහු භාවිකා කළ ජංගම දුරකතනය පවා ඉකුත් 12 වෙනිදා විශේෂ විමර්ශන ඒකකය සිය භාරයට ගෙන තිබේ. මෙතෙක් එය එරරික් පෙරේරා ට ලබාදී නැත.

මෙම විමර්ශනයට මුල්වී ඇත්තේ එරික්ව මාරුකරන ලෙසට රාජ්‍ය ඇමතිවරයෙක් විසින් පොලීසිය භාර ඇමතිවරයාට යොමුකළ ලිපියක් අවශ්‍ය කටයුතු සඳහා පොලිස් මූලස්ථානයට යැවීමෙන් පසු එය සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීම සම්බන්ධයෙනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මූලස්ථානයේ පොලිස්පති ලේකම් කාර්යාලයේ ලිපි ගොනුවල තිබුණු එම ලිපිය සමාජ මාධ්‍යවලට ගිය හැටි සෙවිය යුත්තේ පොලිස් මූලස්ථානයේ නිලධාරන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකරමින් වූවත් දැන් සිදුවන්නේ එරික්ට එරෙහිව විමර්ශනයක් බව පොලීසියේම ඉහළ නිලධාරී  පිරිසක් සඳහන් කරති. පොලීස්  මූලස්ථානයෙන් එම විමර්ශනය ආරම්භනොකර එරික්ගෙන් එම විමර්ශනය ආරම්භ වී ඇත්තේ එම ලිපිය පොලිස් මූලස්ථානයෙන් පිටවීමට කළු පුතා හෝ සුදු පුතා හසුවීමෙන් වලක්වා ගන්නටදැයි එම උසස් නිලධාරීහු ප්‍රශ්න කරති

Exit mobile version