එම්.සී.සී සම්බන්ධ ඇමති මත තනි තනිව විමසුම අගමැති රටට කරන විහිලුවක්

එම්.සී.සී ගිවිසුම කරලියට නොගෙන ඡන්දය අවසන් වනතුරු කල් මරන්න... ටිල්වින් කියයි

සහශ්‍ර  අභියෝග සහයෝගිතා ගිවිසුම ( එම් සී සී) ගිවිසුම ගැන කැබිනට් ඇමැතිවරුන්ගේ අදහස් වෙන වෙනම  විමසන්නේ මැතිවරණය අවසන්වන තුරු කල්මැරිමට බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

 එම්සීසි ගිවිසුම ගැන කැබිනට් ඇමතිවරුන්ගේ අදහස් වෙන වෙනම ලබා දෙන්න යැයි අගමැතිවරයා කර ඇති ඉල්ලීම විහිලු සහගත යැයි ද පවසන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  මෙම සියලු උප්පරවැට්ටි යොදන්නේ ඡන්දය අවසන්වන තුරු කල් මැරිමට යැයි  ද කියයි.

මෙම ගිවිසුම අත්සන් කළහොත් ආණ්ඩුවට ඩොලර් මිලියන   හාරසිය අසුවක්  ලැබෙන බවත්, එම ඩොලර් මිලියන හාරසිය අසුවකට රටම උකස් තබන්නට රාජපක්ෂවරුන් බලා සිටින බවත් ඔහු පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගිවිසුමෙන් රටේ ඉඩම්වලට   අතපෙවීමට ඇමරිකාවට ඉඩ ලැබෙන බවත්, දැනටමත් වනාන්තර ආරක්ෂණ චක්‍රලේඛ  මේ ආණ්ඩුව අහෝසි කරමින් යන බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

Exit mobile version