එන්නත් විකිණීම තහනම්… විකුණන අය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශට කියන්න…

Covishild

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මර්දන එන්නත් මුදලට අලෙවි කිරිම සම්පූර්ණයෙන් තහනම් වන අතර එවැන්නක් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසරය හිමිවන බව ඖෂධ නියාමන, පාලන හා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක කියයි.

යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එසේ එන්නත් අලෙවි කරන්නේ නම් ඒ පිලිබඳව වහාම සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කිරිමට කටයුතු කරන මෙන් ද ලේකම්වරයා මහජනතාවගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.

කෙසේ නමුත් එන්නත් වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් ගබඩාව වෙත බාර දීමෙන් අනතුරුව ඒවායේ වගකීම මුලුමනින්ම පැවරෙනුයේ වසංගත රෝග විද්‍යාඅංශයට යැයිද වෛද්‍ය රත්නායක කියයි.

Exit mobile version