එන්නත් මාත්‍රා දෙකම ගත් අයගෙන් කොවිඩ් බෝවන ආකාරය ගැන තවම ලෝකය දන්නෙ නෑ… ආචාර්ය ජීවන්දර

covid-delta-veriyant

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයෙකුට වයිරසය ආසාදනය වී ඔහුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය බෝවීම හා එන්නත ලබා නොගත් පුද්ගලයෙකුට ආසාදනය වී ඔහුගෙන් රෝගය වෙනත් පුද්ගලයෙකුට බෝවීම අතර කිසියම් වෙනසක් පවතින්නේද යන්න තවම ලෝකයේ කිසිම තැනක පරීක්ෂා කර නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.

ආචාර්ය චන්දිම ජීවන්දර මෙසේ පැවැසුවේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වූයේ නම් ඔහුගෙන් වෙනත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමේ ප්‍රබලතාවය පිළිබඳව ලංකාකර කළ විමසුමක දීය.

එන්නත ලබා ගත් පුද්ගලයින්ට කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ වයිරස් ප්‍රමාණය සිදුවන වෙනස හා එහි ප්‍රබලතාවය එන්නත ලබා නොගත් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළු වන වයිරස් ප්‍රමාණයේ වෙනස හා ප්‍රබලතාවය ගැන කිසිම පරීක්ෂණයක් මේ වනවිට සිදුකර නැති බව ආචාර්යවරයා පැහැදිලි කළේය.

“ පිලිබදව ලෝකයේ මෙතෙක් කිසිදු පර්යේෂණයක් සිදුකර නොමැති බැවින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය මගින් පර්යේෂණයක් ආරම්භ කිරීමට අදහස් කරනවා.“ අචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ප්‍රශ්නය පිලිබදව රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍රගෙන් අප කළ විසුමේදී ඔහු සදහන් කළේද මෙය වැදගත් ප්‍රශ්නයක් බවත්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



එන්නත් කළ පුද්ගලයෙකුට සාපේක්ෂව එන්නත් නොකළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී වයිරස් විශාල සංඛ්‍යාවක් සෑදීමේ හැකියාව පැවතිය හැකි බවත්ය.

“එන්නත ලබාගත් පුද්ගලයෙකුගේ ශරීරයේ වයිරසය එරෙහිව ප්‍රතිශක්තියක් ගොඩ නැගී ඇති බැවින් වයිරස් ප්‍රමාණය සෑදීමේ අඩුවක් පැවතිය හැකියි. නමුත් මෙය උපකල්පනයක් පමණයි. ලෝකයේ පර්යේෂණයන් සිදුකර තිබේද යන්න සොයා බැලිය යුතුය.“ ඔහු කීවේය.

Exit mobile version