කීර්ති ප්‍රනාන්දු –
කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක් වෙත ගමන් කරමින් සිටි පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් මීගොඩ වැටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් මාස හතරක් වයසැති ළදරුවක් ඇතුළු තිදෙනක් එතැනම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බිළිදාත්, බිළිඳාගේ ආච්චි අම්මා සහ ත්‍රිරෝද රිථයේ රියැදුරාත් බව වාර්තා වේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ බිළිඳාගේ මව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.