එන්නත් නොගත් කෙනෙක් මරණයට පත් වීමේ හැකියාව එන්නත ගත් කෙනෙකුට වඩා 11 ගුණයකින් වැඩියි…

රෝහල්ගත වීම 10 ගුණයකින් වැඩියි... නවතම ඇමරිකානු පරීක්ෂණයක් හෙළි කරයි...

පූර්ණ එන්නත්කරණය සහිත පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මිය යෑමේ අවස්ථාව එන්නත්කරණය නොකළ පුද්ගලයෙකුට වඩා 11 ගුණයකින් අඩු බව ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමක් සිය අධ්‍යයනයකින් හෙළි කරගෙන ඇත.

සී.ඩී.සී. හෙවත්  රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කර ඇති එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූවන් කොවිඩ් ආසාදිතව රෝහල්ගත කිරීමේ  අවස්ථාවද දස ගුණයකින් අඩු බවය.

සී.ඩී.සී ආයතනය මගින් ඊට අදාල විද්‍යාත්මක ලේඛන තුනක්් ඉදිරිපත් කර තිබේ.. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හමුවේ වුව ද මෙලෙස  එන්නත්කරණයෙන් මරණය බොහෝ දුරට වළක්වා ගත හැකි බව තහවුරු වී ඇත.


රෝහල්ගත කිරීමට සහ මරණයට එරෙහි එන්නත්කරණයෙන් ලැබෙන රැකවරණය බොහෝ දුරට ස්ථාවරවන අතර වයස අවුරුදු 65 ඉක්මවූවන්ගේ යම් තරමකින් දුර්වල වීමක් දක්නට ලැබෙන බවත් ඔවුන් වෙනුවෙන් තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට සැලසුම් කර ඇති බවත් අමරිකානු සෞඛ්‍ය බලධාරීන් දන්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිරු – 

Exit mobile version