දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 7000 කට ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් එන්නත් ලබා දීමේ වැඩ සටහනක් යුද හමුදාව විසින් 23 දා ආරම්භ කොට තිබේ.
කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ සංඛ්‍යා ලේඛන වලට අනුව ප්‍රදේශය තුළ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 18067 ක් සිටින අතර ඔවුන්ගෙන් එන්නත ලබා ගෙන ඇත්තේ 11878 ක් පමණකි.
මෙතෙක් එන්නත ලබා ගෙන නොමැති 7000 ක් දෙනා වෙනුවෙන් යුද හමුදාව සෞඛ්‍ය නිලධාරින් සමග එක්ව නිවසින් නිවසට ගොස් එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
ගිලන් රථ ඇතුලු ජංගම වාහන 14 ක් යොදාගෙන එන්නත ලබා දීමේ කටයුතු කිළිනොච්චිය පුරා ක්‍රියාත්මක කොට තිබේ.