එන්නත් කාර්ඩ්පත අනිවාර්ය කිරීමේ කිසිදු තීරණයක් නෑ… සෞඛ්‍ය අංශ කියයි! 

කොවිඩ් මර්දනය එන්නත් කාඩ්පත මෙරටදී  ශ්‍රී ලාංකිකයන්ට අනිවාර්ය කිරීමේ කිසිදු තීරණයක් මේ වන තෙක්  සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව  සදහන් කරයි.

විදේශීය රටකට  යාම හා විදේශයන්ගේ සිට මෙරටට පැමිණීමේදී පමණක් එන්නත් කාඩ්පත අනිවාර්ය වුවද ශ්‍රී ලාංකිකයන්ට මෙරටදී කිසියම් කාර්යයක් කර ගැනීම සඳහා  කිසියම් ආයතනයකට ඇතුළත් වීමට   එන්නත කාඩ්පත අනිවාර්ය කර නොමැති බව හෙතෙම අවධාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දරුවන්ට විභාගවලට පෙනී සිටීමට එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමක් කර නොමැති වුවද විදේශීය රටවල්හි අධ්‍යාපනය ලබා ගැනීමට යාමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කර ඇති බවද අධ්‍යක්ෂවරයා කියයි.


Exit mobile version