බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් ඉල්ලුව ආයුර්වේද වෛද්‍යවරුන් යළි බුද්ධිමය විවරණයක් කර ගත යුතුයි…

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පියරත්න හේවාගමගේ

by editor
පෙබරවාරි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් ප්‍රසිද්ධියෙ ප්‍රතික්ෂේප කෙරුවොත් අපි කඩාකප්පල්කාරයො වේවි

  • ඒත් රජයේ ආයුර්වේද වෛද්‍යවරු වැඩි දෙනෙක් මේ එන්නත් කරණයට එකඟ නෑ… ඔවුන් එන්නත් ගන්නෙත් නෑ..

  • අපිට වැඩ කරන්න දුන්නෙ නෑ… බලධාරීන් විශ්වාස කළේ වෛද්‍යවරු නොවන පුද්ගලයන්ව

මෙරට ප්‍රථම වරට සෞඛ්‍ය වෘත්තිකයන්ට හා ආරක්ෂක නිලධාරීන් සඳහා භාවිතා කරන “ඇස්ට්‍රාසෙනෙකා” එන්නත  ආයුර්වේද වෛද්‍යවරුන්ටද ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීම් කර ඇත. ලොවේ කිසිදු තැන නොමැති, අනාදිමත් කාලය සිට පැවත එන  ශක්තිමත් නිරෝධායනට වැඩපිළිවෙළක් හා වසංගත රෝගයන්ට මුහුණදිය හැකි දේශීය හා ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර සම්ප්‍රදායක් අප සතුව පවතින බව සඳහන් කළේත්  කොවිඩ් එන්නත තමන්ටත් ලබා දෙන ලෙස ඉල්ලා සිටින මේ ආයුර්වේද වෛද්‍යවරුන්මය. මේ ඒ සම්බන්ධව  “ලංකාසර“   රජයේ ආයුර්වේද ‌ෛවෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පියරත්න හේවාගමගේ සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.

ප්‍රශ්නය – ආයුර්වේද වෛද්‍යවරුන්  කොවිඩ් මර්දන එන්නත තමන්ටත් ලබා දෙන ලෙස සෞඛ්‍ය  අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ ඉල්ලීම ජනතාව තුළ ආයුර්වේද ප්‍රතිකාරයන්  පිළිබඳ පවතින විශ්වාසනීයත්වය බිඳවැටීමක් ලෙස ඔබ දකින්නේ නැතිද?

පිළිතුර – වසංගත රෝග නිවාරණය සඳහා ප්‍රතිශක්තිකරණ ජාතික වැඩසටහන යටතේ ලබා දෙන සියලුම එන්නත් ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබා දෙනවා. බීසීජි එන්නත, සරම්ප, පැපොල්, කක්කල් කැස්ස, ගලපටලය ඇතුළු රෝග සඳහා  මෙම එන්නත් පුරවැසියන් ලෙස ආයුර්වේද වෛද්‍යවරුත් ලබා ගන්නවා.   මේ රටේ ජාතික ප්‍රතිපත්තිය තුළ රෝග නිවාරණ ක්‍රියාවලිය බැඳිලා තියෙන්නේ බටහිර සෞඛ්‍ය සේවාවත් එක්ක. මේ නිසා තමයි අපිට මේ එන්නත්කරණයට මුහුණ දෙන්න සිදුවෙන්නේ. අපි ජාතික ක්‍රියාවලියක් තුළට අනුගත නොවුණහොත් අපි ආණ්ඩු විරෝධීන් ලෙස ප්‍රකාශයට පත්වේවි.

ප්‍රශ්නය – කොවිඩ් මර්දන එන්නත පිලිබඳව කොතරම් විශ්වාසයක් පවතිනවාද?

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පිළිතුර –  කොවිඩ් එන්නත තවමත් ලෝකයට අලුත්. මේ නිසාම ගැටලු ගණනාවක් පැන නගිනවා‍‍. අපි මීට කලින් ගත්ත එන්නත සායනික පරික්ෂණ ගණනාවකට ලක්කරලා   වසර ගණනාවක් පර්යේෂණ කරලා එය මිනිස් සිරුරට අහිතකර නොවන බවට තහවුරු වීමෙන් අනතුරුව ලබා ගත් එකක්. නමුත් අද‌ වනවිට  මේ එන්නත සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා මේ එන්නත් ක්‍රියාවලිය පිළිබඳ මහජනතාවටත් අපිටත් සැකයක් පහළවෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.

ප්‍රශ්නය – කොවිඩ් එන්නත පිළිබඳව සැකයක් මතුවෙනවා නම් ඇයි එම එන්නත ලබා දෙන්න කියලා ඉල්ලීම් කළේ?

පිළිතුර – මා දන්නා පරිදි  රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්  සැලකියයුතු පිරිසක් සිටින්නේ එන්නත් ලබා නොගන්නා තැනයි. එන්නත ලබා ගන්නා ආයුර්වේද වෛද්‍යවරුන්ට බුද්ධිමය විවරණයක් කර ගත යුතුයි මේ එන්නත ලබා ගත යුතුද නැද්ද කියලා.

ප්‍රශ්නය – බුද්ධිමය විවරණය කියලා ඔබ අදහස් කරන දෙය තවත් පැහැදිලි කළොත්?

පිළිතුර – මේ වෛරසය දිනෙන් දින විකෘතිතාවයන් ට පත්වී නව ප්‍රභේද බවට පත්වෙනවා. මේ වන විට ලෝකයේ බොහෝ රටවන් මේ වෛරසය පිලිබඳව විවිධ පර්යේෂණයන් සිදුකරනවා. එහි ප්‍රතිපල අනුව පෙනී යනවා මේ වෛරසය කොතරම් ඉක්මනට විවිධ වෙනස් කම්වලට ලක්වෙනවාද කියලා. මේ වෛරසයේ නව ප්‍රභේදයන්ට  ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වෙනස් වෙන්න පුළුවන්. මේ දෙන එන්නතින් වෛරසය මර්දනය කළ හැකි වෙයිද  කියලා ගැටලුවක් තියනවා. එන්නත ලබා දෙන විට කිව්වේ පළමු මාත්‍රාව ලබා දී නැවත මාසෙකින් දෙවන මාත්‍රාව ලබා දෙන්න ඕනේ කියලා. නමුත් දැන් දෙවන මාත්‍රාව මාස තුනකින් දුන්නත් කමක් නැහැ කියන තැනට තල්ලුවෙලා තියනවා. දවසින් දවස වෙනස් වෙන රටාව තුළ අපි කොහොමද මේ එන්නත ගැන විශ්වාස කරන්නේ.

ප්‍රශ්නය –  ආයුර්වේද ප්‍රතිකාරයන් ගැන ජනතාව තුළ විශාල පිපිදීමක් පළමු කොවිඩ් රැල්ලේදී අපි දැක්කා.  නමුත් දෙවන රැල්ලේදී එවැන්නක් දැක ගැනීමට නැහැ. ආයුර්වේද වෛද්‍යවරුන් පවා එන්නත ලබා ගැනීමට කටයුතු කරමින් පවතින වාතාවාරණයක් තුළ ආයුර්වේද ප්‍රතිකාරයන්ට යළි  ජනතාව නැඹුරුකර ගැනීම ගැටලුවක් වේවි නේද?

පිළිතුර – කොව්ඩ් පළමු රැල්ල තුළදී බටහිර ඖෂධ හෝ එන්නත් තිබුණේ නැහැ. අපේ රටේ අනාදිමත් කාලය සිට පැවතගෙන එන හොඳ නිරෝධායන ක්‍රියාවලික් තිබුණා‍. ඒ නිරෝධායන ක්‍රියාවලිය තුළ ආයුර්වේද ඖෂධ, දූමානයන, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩ කරන ආහාරපාන, දිනචර්යාවන්ගේ වෙනස්කම් ඇතිකර ගැනීම වැනි කරුණු කාරණා ජනතාව කියා දුන්නා. ඔවුන් ඒවා පිලිපැද්දා‍ ඒ නිසා වසංගතයෙන් බේරී සිටීමට හැකිවුණා

අනික් කාරණයතමයි ආයුර්වේද වෛද්‍යවරයෙක් කියන්නේ මේ රටේ පුරවැසියෙක්. රජය ගෙන යන එන්නත් ක්‍රියාවලිය තුළට ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළත් වෙලා තියෙනවා. එම ක්‍රියාවලිය අනුගත වීමට ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මානසිකත්වයක් ගොඩනැගී තියෙනවා. අපිට ඒක නතර කරන්න බැහැ.

ප්‍රශ්නය – පළමු කොවිඩ් රැල්ල සාර්ථකව මැඩ පවත්වන්න ආයුර්වේදය ලොකු වැඩ කොටසක් කළා නම් දෙවන රැල්ල නතර කරන්න එවැනි වැඩපිළිවෙලට නොගියේ ඇයි?

පිළිතුර – මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න අපිටලොකු  ආර්ථික ශක්තියක්  තිබුණේ නැහැ‍.  අපිට ඒ ශක්තිය දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණෙත් නැහැ.   ඒකේ ප්‍රතිඵල ලෙස අද රටම වසංගත රෝගයෙන් පීඩා විඳිනවා.

ප්‍රශ්නය – ඔබගෙන ගිය වැඩපිළිවෙළට රජයෙන් යම් ආර්ථික තල්ලුවක් ලැබුණේ නම් මේ වසංගත මෙතරම් දුර නොයනවා කියලා ඔබ හිතනවාද?

පිළිතුර – අනිවාර්යයෙන්ම ඔව්. රාජ්‍ය මට්මටමින්  ලැබුණ  අනුග්‍රහය ප්‍රමාණවත් වුණේ නැහැ. යම් යම් විශේෂයෙන්ම වෛද්‍යවරුන් නොවන පුද්ගලයින්  ඔවුන්ගේ බෙහෙත් වට්ටෝරු ඉදිරියට ගේන්න  කථා කළා. ඒවාට බලධාරීන් ඇහුම් දුන්නා. ඇතැම් අවස්ථාවන් වලදී ක්‍රියාත්මක වුණා. ඒත් ආයුර්වේද වෛද්‍යවරුන්ට හෝ පාරම්පරික වෛද්‍යවරුන්ට මේ වසංගතය මැඩපැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලැබුණේ නැහැ. ඔවුන් ගෙන ගිය වැඩපිළිවෙළ  කිසිම අවස්ථාවකදී අගය කළේ නැහැ. ඔවුන්ව අගය කරනවා වෙනුවට කළේ නොසලකා හැරීමක්.

 

 

 

.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 05යි … දෙවන රැල්ලේ ෙකොවිඩ් ආසාදිතයන් 70000 ඉක්මවයි…

Next Post

විජය මාලනී ප්‍රේමයේ නෑසුණු කතාව…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.