එන්නත් දෙකම ගත්ත අයට ඇමරිකාවේ දොරටු විවර වෙයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් පූර්ණ එන්නත්කරනයට ලක්වු රටවල් 33ක පුරවැසියන්ට එළැඹෙන නොවැම්බර් මාසයේ සිට සිය රටට ඇතුළු වීමට අවසර ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව චීනය, ඉන්දියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් රැසක සංචාරකයින්ට ඇමරිකාවට ඇතුලු වීමට අවස්ථාව හිමිවෙන බව ධවල මන්දිරය ඊයේ (20) නිවේදනය කළේය.

ඇමරිකාවට පැමිණෙන්නන්හට එන්නත්කරනයට ලක්වූ සහතිකයට අතිරේකව එරටින් පිටත්වීමට දින තුනකට කලින් සිදු කළ පරීක්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට සනාථ කරන සහතිකයක්ද අවශ්‍ය බව ඇමරිකානු රජය සඳහන් කරයි.


එන්නත්කරනයට ලක්වූ සංචාරකයින් ඇමරිකාවට පැමිණි පසු නිරෝදායන වීමකට ලක්වීමක් අවශ්‍ය නොවන බවද ධවල මන්දිරය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් කුමන වර්ගයේ එන්නත් ලබාගත් පිරිසටද රටට ඇතුලුවීමට අවසර ලබාදේනද යන්න ඇමරිකාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය තීරණය කරනු ඇති බවද ධවල මන්දිරය සඳහන් කර තිබේ.

මේ අතර ඇමරිකාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ එරට ආහාර සහ ඖෂද පාලනාධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන් එන්නතන් වලට අනුමැතිය ලබාදීමට සලකා බලන බවත් ඉදිරියේදී එය අවශ්‍යතා මත වෙනස්වීමට ඉඩ පවතින බවයි.

කෙසේවෙතත් එන්නත්කරනයට සුදුසුකම් නොකියන වයස්වල දරුවන්ට ගැටලුවක් නොවන බවද වාර්තා වේ.

ඇමරිකාවේ මෙම තීරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් සිය ප්‍රසාදය පළකර ඇති අතර එය දෙරට අතර ව්‍යාපාරය වර්ධනය කිරීමට හොඳ අවස්ථාවක් බටද පෙන්වා දී ඇත.

ඇමරිකාවේ ජර්මානු තානාපතිද ධවල මන්දිරයේ තීරණයට සතුට පළකරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

කෙසේවෙතත් මෙම සංචාරකයින් ඇතුළු වීමේ අවසරය ගොඩබිමෙන් ඇමරිකාවට ඇතුළු වන මෙක්සිකෝවට සහ කැනඩා වැසියන්ට අදාල නොවන බවටද වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය සති කිහිපයේදී ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමඟ ඇමරිකාව තුල ආසාදිතයින් විශාල වශයෙන් ඉහළ ගිය අතර මරණ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළයාමක්ද වාර්තා විය.

Exit mobile version