එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ… වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි...

නතාෂා නෙත්මිණි  –                                                 

රජය මේ වන විට ගෙන යන කොරෝනා මර්දන වැඩපිළිවෙළ අක්‍රමවත් ආකාරයෙන් ක්‍රියාත්මක වන බැවින් එය ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාමට  මෙහෙයුම් මධ්‍යස්ථානයක් වහාම ස්ථාපිත කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව කටයුතු කලත් බලකාය තුළ ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී එය විවිධ ආයතන මගින් හා පුද්ගලයින් මගින් ක්‍රියාත්මක වීමක් පෙන්වන අතර එය ඉබාගාතේ යන වැඩපිළිවෙලක් බවට අද පත්ව ඇතැයිද සංගමය පෙන්වාදේ.

ආසාදිතයින් හඳුනා ගැනීම, ඔවුන්ව කළමනාකරණය කිරීම, පසුවිපරම් කිරීම, එක් මධ්‍යස්ථානයකින් ක්‍රමවත්ව සිදුවිය යුතු වුවද එය එසේ සිදු වන බවක් පෙන්නුම් නොකරන්නේ යැයිද සංගමය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම පීසීආර් පරික්ෂණයන්ගෙන් ආසාදිත තත්ත්වයට පත්වෙන පුද්ගලයින්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයන් සඳහා ගෙන යාමේදී  ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති වීමෙන් රෝගීන් දැඩි අසීරුවකට පත්වන බවද සංගමය පෙන්වාදේ.

 

Exit mobile version