එන්නත්කරණය අයාලෙ ගියෙ හමුදාව එක් කරගත් නිසා… එහි ගොදුරු වුණේ වැඩිහිටියෝ…

ජී.එම්.ඕ.ඒ හිටපු ලේකම් නලින්ද හේරත් කියයි....

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබා දීම මුල්වටයේදි ආරම්භ කළ යුතු බව සඳහන් වූ පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් එය නිවැදිව ක්‍රියාත්මක වෙද්දී හමුදාව ඒ සඳහා දායක කර ගැනීම  තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වෙනුවට විවිධ වයස් කාණ්ඩයන් සඳහා එන්නත ලබා දීම ක්‍රියාත්මක කළ බැවින් එන්නත්කරණ වැඩ සටහන අයාලේ ගිය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු  ලේකම්  වෛද්‍ය නලීන්ද හේරත්   සඳහන් කරයි.

මේ වනවිට වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාලනයෙක් ගිලිහී ඇති බව ඔහුම පිළිගන්නේයැයි ද නලින්ද හේරත් කියයි.  

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුලින්ම සඳහන් කළ පරිදි ලෝක සෞඛය සංවිධානයේ නිර්දේශ වූයේද වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් පළමුවෙන් එන්නත් කරණයට ලක් කරන ලෙසය. 


එහෙත් එම නිර්දේශයන් ක්‍රියාත්මක කරනවා වෙනුවට අද එන්නත්කරණය අයාලේ යාම හේතුවෙන් රටේ කොවිඩ් මරණ වලට වසය අවුරුදු 60 ඉක්ම වූවන් පහසුවෙන් ගොදුරුවෙමින් සිටින බවද වෛද්‍ය හේරත්  පෙන්වාදේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සහ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ නිලධාරීන් සමග පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ  පැවති විශේෂ සාකච්ඡාවකදී වසංගත රෝග විද්‍යා අංශයේ ක්‍රියාකාරීත්වය පිලිබඳව ඇසූ පැනයේදී සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියාත්මක වන බව යැයි ඔහු කියයි.

 මේසන් බාස්ගේ වැඩේ වඩු බාස් කිරිමට යාමක් වසංගත රෝග විද්‍යා අංශය අයාලේ යන තත්ත්වක් අද   දක්නට ලැබෙන බව වෛද්‍ය හේරත්  පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසංගත රෝග විද්‍යා අංශයේ දුර්වලතාවන් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත ඇති බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ රාජකාරී කටයුතු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (මහජන 1 ) යටතට පවරා වසංගත රෝග විද්‍යා අංශය මගින් සිදුකරන ප්‍රධාන කාර්යය 6 සඳහා  වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන්ව පත්කර  එම කටයුතු අධීක්ෂණය කරන මෙන් සංගම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු පැවසුවේය.

Exit mobile version