අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එජාප 76 සමරුව – වසර 28කට පසු රාජ්‍ය නායකත්වයක් සහිතව එජාපය සංවත්සරය සමරයි!

by editor
සැප්තැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ  සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.

‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේ ප්‍රධාන තේමාවයි.

රාජ්‍ය නායකත්වයක් සහිතව  එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන‍්නේ වසර 28කට පසුවය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි.

රට ගොඩනැගීම සඳහා සියළු දෙනා  එක්වීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකර සියළු පක්ෂ නායකයන්ට පක්ෂ සංවත්සරයට සහභාගී‍වන ලෙස  විවෘත ආරාධනයක් සිදු කර තිබූ අතර, ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන   ප්‍රමුඛ පක්ෂ නායකයෝ රැසක් සංවත්සර උළෙලට සහභාගී වී සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊ පී ඩී පී නායක ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය  ඩග්ලස් දේවානන්ද, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මුස්ලිම් කොංග්‍රසයේ නායක  සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ජාතික මුස්ලිම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි, සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එල් එම් අතාවුල්ලා   සෙසු පක්ෂ නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.

සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්ව රජයේ අමාත්‍යධූර ලබාගත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය  මනුෂ නානායක්කාර  සංවත්සර උත්සවයට පැමිණ සිටියහ.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියළුම පළාත් නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩංගණයට පැමිණි සියළු ජාතීන්ට අයත් ජනතාවගෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබූ අයුරු දැකගත හැකි විය.

පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තියත් සමඟ සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් ආරම්භ කෙරුණු අතර, පක්ෂයේ අදීකර්තෘ මහාමාන්‍ය ඩී එස් සේනානායක ගේ සිට ආදී නායකයන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවය පළ කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩී එස් සේනානායකගේ පිළිරුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ද ඩඩ්ලි සේනානායක මහතාගේ පිළිරුවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනද, සර් ජෝන් කොතලාවලගේ පිළිරුවට පක්ෂ උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම්ද,  ජේ ආර් ජයවර්ධනගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාරද , ආර් ප්‍රේමදාසගේ පිළිරුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනද,  ඩී.බී විජේතුංගගේ පිළිරුවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක ද පුෂ්පෝපහාර දැක්වූහ.

පක්ෂයේ ආදි නායකයන්ට පුෂ්පෝපහාර දක්වන අවස්ථාවේ දී ජනතාවද අසුන්වලින් නැගී සිටිමින් සිය ගෞරවාචාර පුදකරන අයුරු දැක ගත හැකිවිය.

ජාතික සමගියේ අගය විදහා පෙන්වමින් සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම ජාතික ගීය ගායනා කළ අතර පක්ෂයේ අභිමානය විදහා දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් ප්‍රදර්ශනය කෙරිණි. දේශිය සංස්කෘතිය ඔප්නැංවෙන වාද්‍ය භාණ්ඩ සංදර්ශනයකින් සහ ගීතිමය විශේෂාංගවලින් ද සංවත්සර උළෙල අලංකාරවත් විය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,  එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්, හිටපු  අමාත්‍යවරුන් වන  ජෝන් අමරතුංග,  රවී කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, ඩී එම් ස්වාමිනාදන්, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානානායක  මේ අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලක්ෂ 75ක දූෂණයට සම්බන්ධ වැඩ බලන ඩී.අයි.ජී ,  සී.අයි.ඩී.යේ  මූල්‍ය විමර්ශන ප්‍රධානියා කරන්න හදලා!

Next Post

හෙට සිට පාසල් නිවාඩුයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.