එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පත් කර තිබේ.
අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරනු ලැබ ඇත.
ඒ අනුව පක්ෂයේ මෙතෙක් මහ ලේකම් ධූරය දැරූ පාලිත රංගේ බණ්ඩාර එම තනතුරින් ඉවත් කර තිබේ. පසුගිය මැතිවරණය ආසන්නය දක්වා සමගි ජන බලවේගය හා එක්ව සිටි තලතා අතුකෝරල එම පක්ෂයෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් ද සිදුකර රනිල් වික්‍රමසිංහගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙත එක්වූවාය







