තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් බවත් එම පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමා ඕනෑම වෙලාවක සූදානම් බවත් මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද දහවල් දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය.
නායකත්වය භාරගැනීමට නම් ඒ සඳහා පක්ෂයෙන් විධිමත් ආකාරයට ආරාධනාවක් ලැබිය යුතු බවත් එවන්නක් ලද වහාම තමාගේ ප්‍රතිචාරය දැක්වීමට තමා බලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට අවශ්‍ය සුදුසුකම් ඕනෑවටත් වඩා තමන්ට තිබෙන බව පවසන මංගල සමරවීර මහතා එවැනි වගකිවයුතු තනතුරක් බාර ගැනීමට නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නේ ය.
වත්මන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විවිධ අය චෝදනා කළත් ඔහු ඉතා දක්ෂ දූරදර්ශී නායකයෙක් බවත් එවැනි නායකයෙක් රටකට නොලබන දුර්ලභ ගණයේ අයෙක් බවත් සිහිපත් කළේය.
තමන් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු බව පෙන්වා දෙන මංගල සමරවීර මහතා පසුබෑමකට ලක්ව තිබෙන එජාපය කෙටි කාලයකින් යළිත් ගොඩ ගත හැකි බව ද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගෙන තමා රටේ ජනාධිපති ධුරය දක්වා යෑමට වුවත් සූදානම් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.