එජාපයේ නායකත්වයට නම් 9 ක්

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා මේ වනවිට 9 දෙනකුගේ නම් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

ඒ පිළිබද අනාවරණය වූයේ අද පෙරවරුවේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ ඊළඟ නායකත්වය පිළිබඳ කතාබහට ලක් වී ඇති අතර එහිදී පක්ෂ නායකයා විසින් නව නායකත්වය පිළිබඳ අදහස් විමසා ඇත.


එහිදී පාලිත රංගේ බණ්ඩාර මහතා අදහස් දක්වමින් නායකත්වය සඳහා තමාට ද සුදුසුකම් ඇතැයි ප්‍රකාශ කර ඇති අතර අර්ජුන රණතුංග මහතා ද තමා ද නායකත්වය සඳහා සුදුසු බවට අදහස් දක්වා ඇත.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා, මේ වන විට නායකත්වය සඳහා නම් රැසක්ම යෝජනා වී තිබුණත් සිංහල බෞද්ධ පදනමක් සහිත ජනතාව පිළිගන්නා එකම නායකයා කරූ ජයසූරිය මහතා බැවින් ඔහු පත් කරන ලෙස ඉල්ලා ඇත.

ඒ අදහස ලක්ෂ්මන් විජේමාන්න මහතා ද අනුමත කර ඇති නමුත් වජිර අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ කලින් නම් ඉදිරිපත් කළ රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන යන අය අතරින් කෙනෙකු තෝරාගැනීම සුදුසු බවයි.

කෙසේ වුවද මේ පිළිබඳ සාකච්ඡා කිරීම පසු දිනයට කල් දමා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නමක් යෝජනා කිරීම පිළිබඳව අද දිනයේ සාකච්ඡා කර නොමැති බව ද වාර්තා වේ.

Exit mobile version