එක රටක් එන නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ! ඤාණසාර හිමි සභාපති…

එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපකි ගෝඨාභය රාජපක්ෂ   පියවර ගෙන තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතු මෙම විශේෂ කාර්ය සාධක බලකාය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කර ඇති අතර ඒ අනුව ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම, අධිකරණ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් සම්පාදනය කර ඇති කෙටුම්පත් සහ සංශෝධන අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව පිළිබඳව සලකා සංශෝධන සිදු කර අවශ්‍ය පරිදි මෙම නව කෙටුම්පතකට ඇතුළත් කිරීම ප්‍රමුඛව අදාළ කටයුතු ක්‍රියා කිරීම සඳහා මෙම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් බලය පවරනු ලැබ ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කාර්ය සාධක බලකායේ ලේකම්වරිය ලෙස ජනාධිපති සහකාර ලේකම් ජීවන්ති සේනානායක   පත් කොට ඇති අතර මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, මහාචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජීව පණ්ඩිතරත්න, නීතීඥ ඉසෙර්ෂ් සෙනෙවිරත්න, නීතීඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, මවුලවි මොහොමඩ්, කථාකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීන් රහුමාන්, අසීස් නිසාර්දීන්   සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.


Exit mobile version