එක එන්නතක් පිට ගියෙ නෑ… යාපනයේ වැඩසටහන හරියටම කළා…

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සහතික කර කියයි...

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය දිස්ත්‍රික්කයේ වැසියන් සදහා ලබා දෙන ලද කොරෝනා මර්දන එන්නත් 50000 ලබා දීමේ වැඩ පිළිවෙළේ පලමු අදියරය ඉතා සාර්ථකව අවසන් වූ බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීස්වරන් අද ( 3) පැවසීය.

යාපනයේ හමුදා සේනාංකවලින් පොලිස් ස්ථාන වලින් හා සියලුම සෞඛ්‍ය සේවා ආයතන හා නිලධාරීන්ගේ කැපවීම මත කිසිදු ප්‍රශ්නයකින් හෝ කිසිදු චෝදනාවකින් තොරව එන්නත්කරණ වැඩ සටහන හමාර කර ගැනීමට හැකි වූ බවද කේතීස්වරන් පවසීය.Jaffna-Vaccined

දිනපතා රාත්‍රී 8 පසුවන තුරුත් නිලධාරීන් එක දිගටම සේවය කිරීම නිසා යාපනයේ එන්නත්කරණ වැඩ සටහන සාර්ථක වූ බවත් එකම එන්නතක් හෝ නියමිත ක්‍රියා පටිපාටියෙන් හා තෝරා ගන්නා ලද සුදුස්සන්ගේ ලේඛන වලින් බැහැරව වෙනත් අය වෙත යාමක් සිදු නොවූ බවත් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

Exit mobile version