එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානියෙන් සමුද්‍රය ආරක්ෂා කරන්න වහා පියවර ගන්න – අගමැති

xpress pearl MR

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම කඩිනමින් ගන්නා ලෙසත් මෙවැනි ආපදාවන්වලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට ඉක්මණින් කටයුතු කරන්නැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි ද සැලැස්මකට අනුව එම සහන සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවශ්‍ය උපදෙස් ලබාදුනි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මොහොත් සමුද්‍රීය දූෂණය වැළැක්වීම වෙනුවෙන් වෙහෙසෙන නාවික, ගුවන් හමුදාව ඇතුළු සියලුම දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

Exit mobile version