උසස් පෙළ ශිෂ්‍යත්ව අයදුම්පත් කැඳවීම අදින් අවසන්….

2021 අපොස උසස් පෙළ විභාගය   සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය  සඳහා අයදුම්පත් කැඳවීම දීර්ඝ කළ කාලය අදින් ( 15 ) අවසන් වේ.

රට තුළ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන විභාග දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 2 දා දක්වා එම විභාග දෙක ආරම්භ කිරීම දීර්ඝ කරන බව නිවේදනය කළේය.

මෙම සියලුම අයදුම්පත් කැඳවනු ලබන්නේ මාර්‍ගගත ක්‍රමය ඔස්සේ පමණක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


මාර්‍ගගතව අයදුම් කිරීමට අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංගම යෙදුම වන “DoE” වෙත ගොස් අදාළ උපදෙස් හොඳින් කියවා අයදුම්පත මාර්‍ගගතව ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කෙරේ.

රජයේ පාසල් සිසුන් ඉහත විභාග සඳහා අයදුම් කළ යුත්තේ අදාළ පාසල් වල විදුහල්පතිවරුන්ට දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම ( usernames ) සහ මුරපද            ( passwords ) භාවිතා කළ යුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් වලට අනුකූලව අයදුම් පත්‍රය පෞද්ගලිකව සම්පූර්ණ කළ යුතුය.

Exit mobile version