බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස් පෙළ දරුවන්ට අඛණ්ඩව විදුලිය දෙන්න මහජන උපයෝගීතා කොමිසම ජනතා සහාය පතයි…

by editor
ජනවාරි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විභාග කාලය තුළදී අඛණ්ඩව විදුලිය සැපයීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට කළ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විභාග කාලය තුළදී පැය 24 පුරා විදුලිය ලබාදීමට නොහැකි වී ඇති බව මහ ජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් දන්වයි.

එම නිවේදනයට අනුව විභාග පැවත්වෙන කාල සීමාව තුළදී සෑම දිනකම විභාගය අවසන් වු පසු සවස් කාලයේ හා රාත්‍රිකාලයේ දී අවස්ථා දෙකකදි විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව විභාගය අවසන් වු පැයේ සිට සවස 6 දක්වා විනාඩි 40ක් ද සවස 6 සිට රාත්‍රි 10 දක්වා කාලය තුළදී පැයයි විනාඩි 20ක කාලයක් සඳහා ද  විදුලි කප්පාදුවක් සදහා අවසර දී තිබේ.

කෙසේ වෙතත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම සදහා විදුලි පරිභෝජනය අඩුකර සහාය වන්නැයි ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී’

නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම කියන්නේ විභාගය පැවත්වෙන පෙබරවාරි 17 දක්වා රාත්‍රි කාලය තුළදී ද විදුලිය අඛණ්ඩව සැපයීම සදහා විදුලි ඉල්ලුම කළමණාකරනය කීරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇති බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

එම වැඩසටහන මගින් සවස 6ත් රාත්‍රි 10ත් අතර කාලයේ දී විදුලි ඉල්ලුම අඩුකර මෙගාවොට් 350ක පමණ ධාරිතාවයක් ඉතිරිකර ගැනීමට ඉලක්ක කෙරේ. එම විදුලි ධාරිතාවය ඉතිරි කරගැනීම මගින් විභාගය පැවත්වෙන පෙබරවාරි 17 දක්වා රාත්‍රි කාලය තුලදී ද විදුලිය අඛණ්ඩව සැපයීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

පහත සදහන් ක්‍රියාමාර්ග ගෙන විදුලි ඉල්ලුම අඩුකර විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවකින් තොරව විභාගයට පෙනී සීටීම සදහා කැපකීරීමක් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව, රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශයෙන් ඉල්ලා සිටී.

1. ගෘහස්ත අංශය-සියලු පාරිභෝගිකයින්ට සවස 6ත් රාත්‍රි 9ත් අතර කාලයේදී සිය ඉල්ලුම සියයට 50කින් අඩුකර විදුලි ඉල්ලුම කළමණාකරණයට සහාය විය හැකි ය.

2. පුද්ගලික ආයතන-සවස 6ත් රාත්‍රි 10ත් අතර කාලයේදී සිය ප්‍රදර්ශන පුවරු (බිල් බෝඩ්ස්) හා නාම පුවරු හා ප්‍රදර්ශනාගාර වල විදුලි පහන් නිවා දමා සහාය විය හැකිය.

3. පළාත් පාලන ආයතන ඇතුළු වීථි ලාම්පු කළමනාකාරණය කරන ආයතන විසින් සව 6ත් රාත්‍රි 10ක් අතර කාලයේදී වීථි ලාම්පු නිවා දැමීම

4. ජෙනරේටර් හා බැටරි සතු විදුලි පාරිභෝගිකයින් විසින් සවස 7ත් රාත්‍රි 10ත් අතර කාලයේදී ජෙනරේටර් හා බැටරි වලින් විදුලිය සපයා ගැනීම කළ හැකියි.

ඉහත සිව් වැදෑරුම් විදුලි සංරක්ෂණ වැඩසටහනට දායක වී විදුලිය පරිභෝජනය අඩු කළහොත් විභාගය පැවත්වෙන පෙබරවාරි 17 වැනිදා දක්වා රාත්‍රිකාලයේදී ද විදුලිය සැපයීමට හැකිවන පරිද්දෙන් මෙගාවොට් 350ක පමණ ධාරිතාවයක් ඉතිරිකර ගත හැකි වනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.

මේ වනවිට උසස් පෙළ විභාගය පැවත්වෙන කාලය තුළ දී කප්පාදුවකින් තොරව විදුලිය සැපයෙන බවත්,  ඒ අනුව විභාගය පැවත්වෙන සෑම දිනකම විභාගය අවසන් වන පැයෙන් පසුව විදුලි විසන්ධි කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇති බවත් එම කොමිසම නිවේදනය කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විභාගය අතරෙත් පැය පැය දෙකක් විදුලිය කැපේ… රෑට පැය1 විනාඩි 40ක විදුලි කප්පාදුවක්!

Next Post

තංගල්ල මැදිකැටියේ හෝටලයක් තුළ තරුණ පෙම් යුවලක් සිය දිවි නසා ගනී. තරුණියට අවුරුදු 17යි… තරුණයාට 20යි..

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.