සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උන් T-20 ගහද්දි අපි ගැහුවේ T-10 න් ය… ඉතින් පරාදය….

by editor
දෙසැම්බර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කිසිසේත් මෙවැනි ඉරණමක් අපේක්ෂා නොකළ තරගයකි. එහෙත් අපි ලකුණු 08කින් පරාදය. ලකුණු 172ක් හඹා යන්නට ඇරඹූ ඉනිමේ 14 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ත්  මුල් කඩුල්ල සඳහා සම්බන්ධතාවය නොදැවුනු ලකුණු 121කි.  පන්දු ඕවර 7ක් තුළ ලකුණු 52ක් ලබා ගැනීමට කඩුළු 10 නොදැවී තිබුණේය.

එහෙත් 14වැනි ඕවරය අවසන් වනවිට ලකුණු 121ටම කඩුළු 03කි. 14 වැනි ඕවරයේ ලබා ගත්තේ 1 ලකුණකි.   පන්දු ඕවර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 164කි. පැතුමාගේ ලකුණු 90 අපරාදේය. මෙන්ඩාගේ ලකුණු 46ත් එසේය.

පැතුමා තනියම… පන්දු 60යි… ලකුණු 90යි….

පන්දු රැකීම තේරීම

නවසීලන්තය සහ ශ්‍රි ලංකාව පළමු විස්සයි 20 තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් පෙරවරු 11.45ට නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගනයේ දි ආරම්භ විය. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකය. චරිත් පන්දු රැකීම තේරුවේය.

ආරම්භය කදිමය. පන්දු ඕවර 10ක් යනවිට නවසීලන්ත කණ්ඩායම හොඳටම හිර වෙලාය. ඔවුන් ලකුනු 65ට කඩුලු 05කි. හිතුවේ ලකුණු 120කට විතර නවසීලන්තය නවත්වන්නටය. 5 වැනි කඩුල්ල දැවී යන්නේ 10 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේදී ය.

ඉන් අනතුරුව සිදුවන දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් බලාගෙන හිටයේ මුව අයාගෙනය. 6 වැනි කඩුල්ල දැවී යන්නේ 20 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේදීය. ඒ වනවිට ලකුනු පුවරුව ලකුනු 170කි. ඩැරිල් මිෂෙල් සහ මයිකල් බ්‍රේස්වෙල් අවසන් පන්දු ඕවර 10 තුළම රැඳෙමින් ලකුනු 105ක මනරම් සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. එය 6 වැනි කඩුල්ල සඳහා විස්සයි 20 අන්තර්ජාතික තරගයක දී නවසීලන්ත කණ්ඩායමේ ඉහළම ලකුණ සහිත වාර්තාව විය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මිචෙල් පන්දු 42ට ලකුනු 62කි. බ්‍රේස්වෙල් පන්දු 33ට ලකුණු 59කි. මුල් පන්දු ඕවර 10 තුළ විශිෂ්ට පීඩනයක් ගොඩනැගී පන්දු යවන්නෝ වනාතේ පන්දු යවනු පෙනුනි. මතීෂ පතිරණගේ කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ පන්දු යැවීම ආයෙත් යැව්වේය. ඔහු යැවූ තරගයේ 15 වැනි පන්දු ඕවරයේ ලකුණු 22ක් ලබා දුන්නේය. ඒ නෝ බෝල් පන්දුවක් ද සහිතවය. 19 වැනි ඕවරය යවීමට ගෙන්වූ පතිරණ යලිත් ලකුණු 15ක් දුන්නේය.  නෝ බෝලයක් සහිත ලකුණු 05ක් ද සමගිනි. පන්දු ඕවර 4කට ලකුණු 60ක් ලබා දීමත් වාර්තාවක් වගේය. මතීෂ පතිරණ ඒ වාර්තාව තිබ්බේය.  නවසීලන්ත කණ්ඩායම තරගය නිමා කරන්නේ ලකුණු 173 ජයග්‍රාහී අභියෝගයක් අපට ලබා දෙමිනි.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 22ට කඩුළු 02ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 29කට කඩුළු 02ක්, වනිඳු හසරංග ලකුණු 33කට කඩුළු 02ක් ලැබුවේය.

හඹා යෑම…

ලකුණු 173ක ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපට ජයග්‍රහණය අතට අරන් පෙන්වූහ. පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ගොඩනැගුවේ පරාජයක් සම්බන්ධව අදහසක්වත් එන්නේ නැති ආරම්භයකි.   14 වැනි ඕවරයේ 2වැනි පන්දුව යවන විට එකම කඩුල්ලක් නොදැවී ලකුණු 121කි. එහෙත් ඊලඟ පන්දු හතර තුළ ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 3ක් දැවී යන්නේ 14 වැනි ඕවරය කණ්ඩායට ගොක්කොළ එල්ලූ බව පෙන්වමිනි.

14 වැනි ඕවරයේ තුන්වැනි පන්දුවේ දී කුසල් මෙන්ඩිස් කඩුළු රකින ක්‍රීඩකයාට උඩ පන්දුවක් දී දැවී ගියේය. දැවී යනවිට ඔහු ලකුණු 46කි. ඒ පන්දු  36ක් තුළය.  14 වැනි ඕවරයේ  5 වැනි පන්දුවේ දී ක්‍රිකට් වලටම නාකි වී සිටින කුසල්  පෙරේරා ලෝකයේ තියන කැතම ක්‍රිකට් ගසා රොකට් එකක් සේ පන්දුව එක තැන උඩ යවා දැවී  ගියේය. ඉන් අනතුරුව පිටියට පැමිණි කමිඳු මෙන්ඩිස් පිට ඉන්නෙන් ඉවතට යන පන්දුවට මෙලෝ හසරක් නැතිව පිත්ත දමා කඩුළු රකින ක්‍රීඩකයාට උඩපන්දුවක් දී දැවී ගියේය.   ලකුණු 121ට කඩුළු 03 බිඳී යන්නේ එසේය.

පැතුමා එක් අන්තයක් රැකගෙන අප්‍රමාණ සටහනක යෙදුනේය. එහෙත් එකෙක් ලකුණු 10ක් ගහලා යන්නට ආවේ නැත. චරිත් අසලංකත් ලකුණු 03කට දැවී යද්දි බලා ඉන්නට බැරිම තැන ලකුණු 90ක් ලබා සිටි පැතුම් නිශ්ශංක ලකුණු වේගය වැඩි කරගැනීම සඳහා එල්ල කළ හයේ පහරක් ටිම් රොබින්සන් අති විශිෂ්ට උඩපන්දු  බවට පරිවර්තනය කර ගත්තේය. එය නවසිලන්ත කණ්ඩායම තරගයය දිනන බවට සනාථ කළ උඩ පන්දු රැකීම විය. පැතුමා අත්හල විට කුසල් මෙන්ඩිස්ගෙන් පසු ලකුණු පුවරුව මෙසේය.

කුසල් පෙරේරා 0, කමිඳු මෙන්ඩිස් 0, චරිත් අසලංක 03, භානුක රාජපක්ෂ 08, වනිඳු හසංග 05යි, මහීෂ් තීක්ෂණ 1, බිනුර ප්‍රනාන්දු නොදැවී 4යි, මතීෂ පතිරණ නොදැවී 0යි…
සන්තෝසයි – විලි ලජ්ජයි… ලකුණු 164කට සියල්ලන් දැවී යයි… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 08කින් පරාදයි.

ජාකොබ් ඩුෆී ලකුණු 21කට කඩුලු 03කි. මැට් හෙන්රි ලකුනු 28ට කඩුළු 02කි. පළමු ඕවර 2ක හොඳට හැටියට ගුටිකෑ සකාරි ෆොල්කස් අවසන් පන්දු ඕවර දෙක පිතිකරුවන්ට “හික් ” ගෑවෙන්න යැව්වේය. ඔහු ලකුණු 41ට කඩුලු 02කි.

මුල් වාරයේ දැඩි ප්‍රහාරයකට ලක් වුනත් ඔහුව 18 සහ 20 පන්දු ඕවර දෙක යැවීමට ගෙන්වීම සම්බන්ධව දෙගිඩියාවක් නවසීලන්ත නායක මිෂෙල්ට සැන්ට්නර් ට තිබුණේ නැත. තවමත් විස්සයි 20 තරග 04ක් පමණක් ක්‍රීඩා කර ඇති මෙම 22 හැවිරිදි යෞවනයා සිය වගකීම ඉටු කළේ මොළය පාවිච්චි කර පන්දු යැවීමෙනි.

අපි ගැහුවේ T-10

අප ක්‍රීඩා කළ ආකාරය මරුය. පන්දු යැවීමේදී මුල් ඕවර 10ය සුපිරිය. දෙවැනි ඕවර 10 නැව් ගුටිය. පන්දුවට පහර දීමේ දීත් මුල් ඕවර 10 විදුලි කොටනවා වාගේය. ලකුණු ගලාගෙන එන්නේය. දෙවැනි ඕවර 10 හෙණ ගැහුවා වගේය. ටී 10 තරගයක් වාගේය.

ඊලඟ තරය විස්සයි 20 තරගයක් සේ ක්‍රීඩා කිරීමට ධෛර්ය ශක්තිය වාසනාව ලැබෙන්නට ඕනෑය. එතකොට ක්‍රිකට් බලන අපට සතුටුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතාර්කික වත්කම් පිළිබඳ විමර්ශනයක්… යෝෂිතට CIDයේ පෙනී සිටින්නැයි නොතිසී!

Next Post

ජනපති නියමයෙන් ආගමන විගමන – රේගුව – ගුවන්තොටුපල එක් කරන ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහිත නිරීක්ෂණ මැදිරියක්…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.