අනුරාධපුර – පර්සි කුරුනේරු –
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීන නළු උද්දික ප්‍රේමරත්න ඊයේ(17) රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණි අවස්ථාවේ නාදුනන තුවක්කුකරුවෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත.
එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයට හානි සිදුව ඇති අතර එමගින් ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් අනූනවයෙන් තම දිවි බේරුණු බවත් ඔහු පැවැසීය.
මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රි 10.20ත් 10:30ත් අතර සිදුවන්නට ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ඇති ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල සිය මෝටර් රථය නතර කොට පිවිසුම් දොරටුවෙන් නිවසට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇති බවත් ඒ මොහොතේ මන්ත්‍රීවරයා රථයෙන් එළියට බැස සිට ඇති බවත් පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම මෝටර් රථයේ පසුපස ආසනයේ සිටි අයෙකු ඉලක්ක කරමින් සිදු කර තිබෙන ආකාරයක්ද දක්නට ලැබෙන බව පොලිසිය කියයි. මෙහිදී වෙඩි ප්‍රහාරයෙන් කිහිපයක්ම එල්ල කර තිබෙන ආකාරයක් දක්නට තිබේ .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවත්,පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවද පොලිසියේ උසස් නිලධාරී වරයෙක් සඳහන් කර සිටියේය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් පවත්වයි