පාර්ලිමේන්තු වටරවුම අසලදී උද්ඝෝෂණයේ නිරතව සිට නිරෝධායනයට රැගෙන ගිය ගුරුවරුන් අතරින් දෙදෙනෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කළ ප්‍රකාශය අසත්‍ය බවට අදාළ අංශ තහවුරු කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුණේ අදාළ ගුරු උද්ඝෝෂණයේදී එම ගුරුවරුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ද මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව නමුත් පොලීසියෙන් අප කළ විමසීමේදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ එලෙස පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමු කර නැති බවයි.
එමෙන්ම මුලතිව් ගුවන් හමුදා කඳවුර ද සඳහන් කළේ නිරෝධායනයට යොමුකළ විරෝධාතරුවන්ට සිදුකළ PCR පරීක්ෂණවලින් මෙතෙක් ආසාදිතයන් තහවුරු වී නොමැති බවය.