දිනසේන රතුගමගේ –
යාපනයේ අරියාලේ ප්‍රදේශයේ මුහුදු කලාපයක චීන සමාගමකට මුහුදු ආහාර නිෂ්පාදනය කිරීම සදහා අවසරයක් ලබා දී ඇත්තේ වත්මන් රජයෙන් නොව පෙර පැවති යහපාලන රජයෙන් බව ධීවර අමාත්‍ය ඩගලස් දේවානන්දා 29 දා පැවසීය.
චීන සමාගමක් විසින් කිළිනොච්චියේ පුනරීන් කෞදාරීමුනෙයි ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අල්ලන බවට පළාතේ ධීවරයින් විසින් නගන චෝදනාව ගැන මාධ්‍යවේදීන් පිරිසක් ධීවර අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු මේ බව පැවසීය.
මෙහිදී අදහස් දැක් වූ ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මෙසේද පැවසීය.
”යහපාලන රජය විසින් යාපනයේ අරියාලේ ප්‍රදේශයේ මුහුදු ආහාර සැකසීමේ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යාමට චීන සමාගමකට අවසර ලබා දී තිබෙනවා. ඔවුන් ඒ සඳහා නියමිත මුදල් ගෙවා බලපත්‍රක් ලබා ගෙන තිබෙනවා. ඒ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තුන් දෙනාගෙන් දෙන්නෙක් චීන ජාතිකයින් වෙනවා. තවත් එක් පුද්ගලයෙකු මීගමුවේ සිංහල පුද්ගලයෙකුයි. මේ සමාගමේ පරිපාලන කටයුතු සඳහා යාපනයේ අය බඳවා ගෙන තිබෙනවා.“
“යාපනයේ අරියාලේ පවත්වා ගෙන ගිය මේ මධ්‍යස්ථානය කිළිනොච්චියේ පුනරීන් ප්‍රදේශයට ව්‍යාප්ත කොට තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිළිනොච්චියේ ධීවර සමීතිවලට කිසියම් දීමනාවක් හෝ ලාබයෙන් කොටසක් ලැබෙනවාද යන්න මම දන්නේ නෑ. නමුත් මේ ව්‍යාපෘතිය මාස කීපයක සිට ක්‍රියාත්මක වෙනවා.“
“හදිසියේම මේ චීන ව්‍යාපෘතියට එරෙහිව විරෝධයක් මතු වීමට කිසියම් හේතුවක් තිබෙන්නට අවශ්‍ය වෙනවා. එසේ නැතිනම් මෙය සිදු වන්නේ චීනයට එරෙහිව පිරිසක් විසින් දියත් කොට ඇති විරෝධ තා රැල්ලේ තවත් පියවරක් වශයෙන් වියයුතුයි.”