දිනසේන රතුගමගේ –
ගොවීන්ගේ හා ධීවරයින්ගේ ගැටලුවලට වහාම විසදුමක් ඉල්ලා දෙමළ ජාතික සන්ධානය විසින් මේ මස 17 හා 18 යන දිනවල දී උතුරු නැගෙනහිර පුරා විරෝධතා මාලාවක් දියත් කිරීමට 13 දා තීරණය කළේය.
මේ විරෝධතාවයන් සඳහා උතුරු නැගෙනහිර පළාත් වල සියලුම ස්වේච්ඡා සංවිධාන හා දේශපාලන සංවිධාන එකතු වන බවත් දැනට රජය විසින් පනවා ඇති නිරෝධායන නීති රීතිවලට අනුකූල වෙමින් මේ විරෝධතා පවත්වන බවත් දෙමළ ජාතික සන්ධානය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පොහොර හිඟය කුඹුරුවල අයිතිය නිරාකරණය නොවීම ඇතුලු ඉඩම් ගැටලු සදහා උතුරු නැගෙනහිර කණ්ඩායම් තම පළාතේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට විරෝධතා දක්වන අතර ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය ඇතුලු සෙසු ධීවර ප්‍රශ්න ඇති පිරිස් තමන් මුහුදු යන ධීවර ජැටි අසලත් මේ විරෝධතා පැවැත්වීමට තීරණය කොට තිබේ.
මේ අතර ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර ආක්‍රමණය නිසා පීඩාවට පත්ව සිටින උතුරේ ධීවරයෝ 17 දා මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදු මාර්ගය ඔස්සේ විරෝධතා ගමනක් යාමටද සැලසුම් කොට ඇති අතර ඊට සහය දක්වා ඇත්තේද දෙමළ ජාතික සන්ධානය විසිනි.