බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊසාන දිග මෝසම රට කළඹන ලකුණු!

by editor
ජනවාරි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි ආකාරය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිවේදනය කළේය.

උතුරු පළාතේත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ද හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලද විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළඟක් පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

නායේ යෑම්

මේ වනවිට බදුල්ල. නුවර කුරුණැගල සහ මාතලේ දිස්ත්‍රික්ක වෙත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායේ යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර, පාත දුම්බර සහ දොලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙතත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගග කෝරලේ, පල්ලේපොල, මාතලේ සහ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් පළමු මට්ටමේ අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

එමෙන්ම නුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට සහ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ගංවතුර තත්ත්ව

මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දිඹුලාගල, ඊච්චලම්පිට්ටේ, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරළේපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල සහ තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා පැය 48ක ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. වෙන්ගලවෙඩ්ඩිකුලම්, මඩු, මූසාලෙයි සහ නානාද්දන් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මහවැලි ගං ද්‍රොණියේ මනම්පිටිය, යාන් ඔ ගං ද්‍රෝණියේ හොරොව්පතාන මල්වතු ඔය ගං ද්‍රොණියේ තන්තිරිමලේ, මාදුරු ඔය ගං ද්‍රෝණියේ පදියතලාව, ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවේ.

මේ වනවිට ජලාශ 44ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මහා වාරිමාර්ග යතටට ගැනෙන අම්බලන්ඔය, නාමල්ඔය, පන්නගලම, රඹකැන්ඔය, කොට්ටිකුලම, හුරුළුවැව, මහා කනදරාව, මහා විලච්චිය, මානන්කට්ටිය, නාච්චාදූව, නුවර වැව, පදවි වැව, රාජාංගනය, වාහල්කඩ, යාන් ඔය, අම්බේවෙල, දඹරව,  කන්දේ ඇල, සොරබොර, නවකිරි, රුගම්, උන්නිච්චි,  වෙහෙරගල, වීරවීල, යෝධවැව, මේ වනවිට වාන් දමමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරම අධිකරණයේ ඝාතකයින් සොයා ගන්නට පොලිසිය ජනතා සහාය ඉල්ලයි!

Next Post

19න් පහළ විස්සයි 20 ලෝක කුසලානය – මුහුණ දුන් මුල්ම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 139ක විශිෂ්ට ජයක්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.