උපේක්ෂා උඩුවැරැල්ල –
ඇමරිකානු පිටුබලය සහිත ඊශ්‍රයාල ලෝකයේ බිහිසුනුම ව්‍යසනයක් අලුත් වටයකින් අරඹා ඇති අයුරු ලෝකය කම්පාවෙන් හා තිගැස්මෙන් බලාගෙන සිටී. මේ මොහොත වනවිට ඉරාන භූමියේ පිහිටා ඇති ලොව විශාලතම ස්වාභාවික වායු නිධියට ඊශ්‍රයාලය විසින් ගිනි තබා ඇත.
පෘථිවියේ විශාලතම ස්වාභාවික වායු නිධිය පිහිටන්නේ පර්සියානු බොක්කෙහි ඉරානය සහ කටාර් අතර බෙදාගෙන ඇති දකුණු පාර්ස්/උතුරු ඩෝම් ක්ෂේත්රයේ ය. එය ලොව විශාලතම ගෑස් ක්ෂේත්රය වන අතර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව එහි ඝන අඩි ට්‍රිලියන 1,800 ක ඇස්තමේන්තුගත ස්වාභාවික වායු ප්‍රමාණයක් අඩංගු වේ.
ඊශ්‍රායල හමුදා දකුණු පාර්ස් ගෑස් ක්ෂේත්රයේ 14 වන අදියරට අද (14) පහර දුන්නේය. එහි සමහර කොටස් මේ වනවිට ගිනි ගනිමින් තිබේ. ඩ්‍රෝන යානයකට සමාන කුඩා ගුවන් යානයකින් ප්‍රහාරය සිදු කළ බව ප්‍රාදේශීය මූලාශ්‍ර සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් ඉරානයේ ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින් මේ වන විට ජීවිත පරදුවට තබා කරන මෙහෙයුමකය.
සමාජ මාධ්‍යවල මේ ව්‍යසනයේ තරම සංසරණය වෙමින් තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මේ විනාශය ඊශ්‍රයාලය විසින් සිදුකර ඇති බවය. ඉලක්කගත ඩ්‍රෝන ප්‍රහාර ස්වාභාව ධර්මය විසින් බිහිකර මානවයාට දායාද කළ මහා ආර්ථික උරුමය සුන් කර දැමීම අරඹා ඇත. එහි කෙළවර කොතැනදැයි නොදනිමු.
ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද වීඩියෝ දේශනයකදි මෙසේ කීවේය. “අපි අයතුල්ලාගේ පාලන තන්ත්රයේ සෑම ස්ථානයකටම සහ සෑම ඉලක්කයකටම පහර දෙන්නෙමු,”
“ඉතා නුදුරු අනාගතයේ දී, ඔබට ඊශ්‍රායල ගුවන් යානා, ඊශ්‍රායල ගුවන් හමුදාව, අපගේ නිර්භීත ගුවන් නියමුවන්, ටෙහෙරානයේ අහසට ඉහළින් පෙනෙනු ඇත” නෙතන්යාහු වැඩිදුරටත් කීවේය.
ඊශ්‍රයාල අගමැතිවරයා කීවේ ටෙහෙරානයේ න්‍යෂ්ටික හැකියාවන් සහ බැලස්ටික් මිසයිල අවි ගබඩාව යන තම රටට ඇති ඉරානයේ “ද්විත්ව තර්ජනය” තුරන් කිරීම තම මුල්ම ඉලක්කය බවය.
ඊශ්‍රායලය දැනටමත් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයට “ඉතා දරුණු පහරක්” එල්ල කර ඇති නෙතන්යාහූ කීවේ මේසේය.
“අපි බෝම්බ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන යුරේනියම් දියුණු කිරීමේ මධ්‍යස්ථානයට පහර දුන්නා. මෙම ව්‍යාපෘති මෙහෙයවන ප්රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමද අප විසින් තුරන් කළා. මේ ප්‍රහාරය නිසැකවම ඔවුන් පසුබට කරනු ඇති… , එය වසර ගණනාවක් ඔවුන් ආපස්සට ඇද දැමීමක්,” නෙතන්යාහු කීවේය.
ඊශ්‍රායල හමුදා බොරුජර්ඩ්, කස්වින් සහ ෂිරාස් හි කර්මාන්තශාලා ඇතුළු කාර්මික පහසුකම්වලට මේ වනවිට පහර දී ඇත.
බටහිර ගැති මාධ්‍ය විකල් වු ඊශ්‍රයාලයේ අමානුෂික අශික්ෂිතකමේ තුච්ඡ බව තවමත් සඟවමින් සිටී. ගාසාවේ මහා ව්‍යසනය මේ වන විට ප්රවෘත්ති නොවන තරමට යටපත් කර තිබේ.
තේරුම් ගත යුත්තේ ලෝක බල ආධිපත්‍යයේ ප්‍රමුඛයා වීම සඳහා කරන නින්දිත මරාගැනීමේ දී ස්වකීය බළල් අත් යොදාගෙන ඇමරිකාව සිදුකරමින් ඇති ව්‍යසනය සාමාන්‍යකරණය කෙරෙමින් ඇති බවය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු අපි විසින්ම ඇති කරගත් මහා මානව වාදී සම්මුතීන් සියල්ල හුදු මානසික බියගැන්වීම් සහ ගැඹුරකින් තොර ප්‍රලාප මිස එවැනි කිසිවක් ලෝකයේ යථාව තුළ ප්‍රායෝගික නැති බවය.
වැදගත්ම පැහැදිලි කරගැනීමක් ඇත. එනම් මානව සමාජය තවමත් තිරිසනුන්ගේ මට්මටමින් උඩට ස්වකීය ආකල්ප සංවර්ධනය කරගත නොහැකිවුන ම්ලේච්ඡ තිරිසනුන්ට නොදෙවෙනි බවය.







