ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීමට අනුව විදුලි බිල වැඩිකිරීමේ ක්‍රමවේදය සකස් කරමින් සිටින බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
පසුගිය 09 වැනිදා ප්‍රකාශයක් එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ විදුලිබල මණ්ඩලයෙන් විදුලිබිල වැඩි කිරීමට ඉල්ලීමක් කළත් විදුලි කප්පාදුවක් කරමින් සිටියදී ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමක් සඳහා කිසිසේත්ම අවසර නොදෙන බවය.
විදුලි බිල වැඩිකීම දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතුබව එම කොමිෂන් සභාව සඳහන් කළේය. එම ක්‍රමවේදය සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි ද සභාපතිවරයා කීවේය.
මේ අතර මාස 6ක කාලයකට හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී ඇත.







